Monday, September 21, 2026
HomeNEWSශ්‍රී ලංකා ක්‍රිකට් පිල අවසන් තරඟයට

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අවසන් තරඟයට

ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක් පාකිස්තාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.මෙම ජයත් සමග තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය.රාවල්පින්ඩිහිදි පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 185ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුෂ්මන්ත චමීර ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තේය.මෙහිදී තරගය පාකිස්තානය දෙසට හරවා ගැනීමට දැඩි උත්සාහයක් ගත් නායක සල්මන් අගා නොදැවී ලකුණු 63ක් රැස්කළේය.තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.සිම්බාබ්වේ කණ්ඩායමේද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු රඳවාගැනීමට ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය තීරණාත්මක වී තිබුණි.අවසන් මහා තරගය එළැඹෙන 29වනදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img