Monday, July 27, 2026
HomeNEWSඅනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට

අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.වින්ග් කමාන්ඩර්වරයෙකු වූ ඔහු මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවූ ගුවන් නියමුවෙක්ය.මෙම අවාසනාවන්ත අනතුරට මුහුණපෑවේ බෙල් 212 වර්ගයේ යානයක්ය.එය ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට අද (30) පෙරවරුවේ සිටම විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටියේය.එලෙස ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.පාලම මත ජනතාව රැඳී සිටීමත් සමග එය ව්‍යර්ථ වී ඇති අතර, ඒ හේතුවෙන් ආරක්ෂිත ගොඩබැස්වීමක් සිදුකිරීමට යාමේදී මෙම අනතුර සිදුවිය.මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් තවත් 4ක් මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවානම් වහාම ජනමත විචාරණයකට යන්න- නාමල්

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ අධ්‍යාපනයේ තියෙන...

ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේසුපිලිපන් දිවුරුම අද පෙරවරු 9ට "සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත්...

ඇමරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ බොරතෙල් මිල පහළට

ඇමරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ බ්‍රහස්පතින්දා (23) ඩොලර් 100 ඉක්මවා ගිය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වාත්, ඩොලර් 93 ඉක්මවා තිබූ...

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img