Monday, November 23, 2026
HomeNEWSආධාර සැබෑ ලෙසම ජනතාවට ලැබෙනවාද කියා ගැටලුවක් පවතිනවා - සජිත්

ආධාර සැබෑ ලෙසම ජනතාවට ලැබෙනවාද කියා ගැටලුවක් පවතිනවා – සජිත්

*දෙනවා කියන ආධාර සැබෑ ලෙසම ජනතාවට ලැබෙනවාද කියා ගැටලුවක් පවතිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*ජනතාවට ලබා දිය යුතු සහන සහ ආධාර මේ අවස්ථාවේ උපරිම දිය යුතු බවත් නිවස සාදා ගන්න දූදරුවන් රැක බලා ගන්න ආදායම් උත්පාදනය සහ ජීවනෝපාය සදහා සෘජුවම ආධාර දිය යුතු බවත් ගෙවල් පිරිසුදු කර ගන්න ආධාර දෙනවා කිව්වත් තවමත් ඒවා ලැබී නැති බවත් එවැනි තත්ත්වයක් උඩ නියමිත පරිදි ආධාර ලැබිය යුතු අයට එම ආධාර නොලැබෙන තත්ත්වයක් ඇති නිසා රජය මේ ගැන අවධාණය යොමු කළ යුතු බවත් ආධාර දෙනවා කියා ප්‍රචාරය දෙනවා සේම එම ආධාර ජනතාවට ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද යටියන්තොට කරවනැල්ල ප්‍රදේශයේ අවතැන් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.*රටේ බරපතල කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක 11 වැනි දා සිට ප්‍රකාශ කර ඇති බවත් එහි පරිමාණය එනම් අවපාතයක් අඩුපීඩනකාරී තත්ත්වයක් හා සුළි කුණාටුවක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන විට ආපදා කළමනාකරණය ආරම්භ කළ යුතු බවත් ජනතාව මත එල්ල වන පීඩනය අවම කර ජීවිත බේරා ගන්න හැකියාවක් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න හැකියාව තිබූ බවත් ආපදාවක් එන බව දැනන් සිටියත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.අප රට සුනාමියෙන් පවා පීඩාවට පත්වුවත් තවමත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය සවි කරන්න නොහැකි වී ඇති බවත් මේ ගැන තමා මේ ගැන 2014 මෙන්ම 2024 ප්‍රශ්න කළත් උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.කුමන විනාශයක් සිදු වුවත් එහි වගකීම දේශපාලනඥයන් බාර ගත යුතු බවත් ජන්දයෙන් පත්වු මහජන නියෝජිතයන් ලෙස අමාරු අවස්ථාවේ පැන නොගොස් වගකීම නිලධාරීන්ගෙ පිට පටවන්නේ නැතිව කටයුතු කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම බවත් මේ රජය හැමදේම කරන්නේ පහුවෙලා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේම රජය පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ආවෙත් පහුවෙලා බවත් IMF එක සමග කතා කරන්න කිව්වත් එදා එයට අකුල් හෙළා දැන් රජය IMF එකත් සමග කතා කරන බවත් සමගි ජන බලවේගයට වටින්නේ රජය නොව ජනතාව බවත් කවුරු බාධා කළත් ජනතාව වෙනුවෙන් සීමා මායිම් නැතිව උදව් කරන්න විපක්ෂය කටයුතු කරන බැවින් කුහක නොවී උද්දච්ච නොවී ආපදාවට ලක්වූ ලස්ෂ 20ක ජනතාවගේ ගැටලු තමන්ගේ ගැටලු ලෙස සලකා විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම දිලිත් ජයවීර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ජපානයේදී

ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය ඊලග තලයට ඔසවා තබන ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම අති සාර්ථකව ජපානයේ Tsukuba Nikko Hotel දී ඊයේ...

ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් සන්නාමගත කෙරේ

අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් නවීකරණය වූ ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස සන්නාමගත කෙරේ කොළඹ කොටුව ගලධාරි හෝටලය නවීකරණයෙන් අනතුරුව ‘ Radission Blu Hotel Galadari Colombo’...

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විදේශිකයින්ට ලබාදීම නතර කළ යුතුයි- ෆයිසර් මුස්තාපා

විදේශ සබඳතාවලදී මැදුම් පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් අතීත රජයන් අසාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය. 2027...

උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මස 8.1%ක්වූ උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළට.සැප්තැම්බර් මාසයේ 6.9 %ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 7.2%ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img