Friday, September 11, 2026
HomeNEWSවිපක්ෂ නායක කාර්යාලයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

විපක්ෂ නායක කාර්යාලයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

*විපතට පත් ජනතාවගේ තොරතුරු එක් රැසක් කරන්න විපක්ෂ නායක කාර්යාලයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක් ආරම්භ වේ*දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක් අද ආරම්භ විය.ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට යම් සහනයක් ලබා දීම අරමුණු කර ගෙන මෙම මධ්‍යස්ථානය ආරම්භ වූ බවත් රජයෙන් ජනතාව වෙත ලබා දෙන ආධාර නොදැනුවත්කම, දේශපාලන කාරණා ආදී හේතු නිසා නොලැබී යාමේ තත්ත්වයක් පවතින නිසා මෙවැනි ගැටලු පවතින අයට එම ගැටලු ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බවත් මේ මධ්‍යස්ථානය මඟින් ආධාර නොලැබුණු පාර්ශ්වයන් සහ රාජ්‍ය පාර්ශ්වයන් ඇතුළු ස්වේච්ඡා සංවිධාන සම්බන්ධීකරණය කිරීම ද සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මුදල් ප්‍රසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දෙන සහන චක්‍රලේඛයක් ඇති නිසා එම චක්‍රලේඛ නිරීක්ෂණය කර ප්‍රතිලාභීන් සහ සංවිධාන ජාල එකිනෙක සම්බන්ධ කර සහන කටයුතු විධිමත්ව ලබා දීමට මැදිහත්වීමක් සිදු කළ යුතු බවත් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ ආපදා කළමනාකරණ නිලධාරින්ගේ නිර්දේශ මත පමණක් ප්‍රතිලාභ අදාළ පාර්ශ්වයන්ට ලැබිය යුතු වුවත් සමහර අය දේශපාලනීකරණය වූ කමිටුවල නිර්දේශ ද සහන ලබා ගැනීමට අවශ්‍ය බවට කියන බවත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.සමාජ සේවා අමාත්‍යාංශය යටතේ සමාජ ප්‍රතිලාභ පනතක් ඇති බවත් කිසිම අයකුට ආකාර දෙකකට සැලකීම මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක් බවත් මේ ගැන ජනතාවට අවබෝධයක් නොමැති නිසා ඔවුන්ට ඒ දැනුම ලබා දීමට ද කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා, කාවින්ද ජයවර්ධන මහතා, හර්ෂණ රාජකරුණා මහතා, ජේ. සී. අලවතුවල මහතා ඇතුළු පිරිසක් එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img