Friday, July 24, 2026
HomeNEWSඇළහැර අමුණ කඩිනමින් පිළිසකර කෙරේ

ඇළහැර අමුණ කඩිනමින් පිළිසකර කෙරේ

ජලගැලීම් හේතුවෙන් විනාශයට පත් ඇලහැර අමුණෙ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ඉඩම් හා වාරිමාර්ග නියෝජය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා එම ප්‍රදේශයටඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ජලාශ හා වාරිමාර්ග පද්ධතිවලට සිදුව ඇති හානි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.ඒ අතර මහවැලි D කලාපයේ අත්තනකඩවල සහ බකමූන ප්‍රදේශවල ගොවි ජනතාවට කුඹුරු සඳහා ජලය සැපයූ ඇලහැර අමුණ කඩාගෙන යාම හේතුවෙන් එම ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇත.කෙසේ වෙතත්, මෙම අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් 150 දෙනකු, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් 100කට අධික පිරිසක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව දිවා රාත්‍රී නොබලා අඛණ්ඩව වැඩකටයුතු සිදුකරමින් සිටී.එහි ප්‍රතිඵලයක් ලෙස, තවත් දින කිහිපයක් ඇතුළත මෙම ප්‍රදේශවලට අවශ්‍ය ජලය නැවත සැපයීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය දින කිහිපයක් ඇතුළත යථා තත්වයට පත්කර මෙම කන්නයේදී හෙක්ටයාර 4200කට අධික කුඹුරු භූමි ප්‍රමාණයක් නැවත වගා කටයුතු සඳහා යොමු කළ හැකි වනු ඇත.මෙම කටයුතු පිළිබඳ සොයාබැලීමක් සිදුකිරීම සඳහා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා ඊයේ (12) දින අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...

රනිල්, සජිත්, නාමල් සමඟ මුළු විපක්ෂයම එකම තැනකට

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(23) සවස පැවැත්වුණි. මෙම සාකච්ඡාවට හිටපු...

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...

ලෝක තෙල් මිල අදත් (23) ඉහළට

ලෝක තෙල් මිල අදත් (23) ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ:ඩො:98 ඉක්මවයි. WTI බොරතෙල් ඇ:ඩො:90 සීමාව පසු කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img