Tuesday, September 8, 2026
HomeNEWSLatest Newsජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද...

ජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් ලබා දී තිබෙනවා

ජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් ලබා දී තිබෙනවා
– කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

උතුරේ දමිල ජනතාව මුහුණ දී ඇති ඉඩම් හිඟයට එකම පිළියම එම ප්‍රදේශයේ පවතින හමුදා කඳවුරු ඉවත් කිරීම බවට පෙන්වා දෙමින් ජාතිවාදී දේශපාලනඥයන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට පිළිතුරු දෙමින් තල් සංවර්ධන මණ්ඩලය, කජු සංස්ථාවට අයත් මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 200ක් ගිවිසුම් මගින් උතුරේ තල් ගොවීන්ගේ සමිතිවලට ලබා දීම ඉහත ප්‍රබන්ධයට ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 

අද (15) දින කජු සංස්ථාවට අයත් මන්නාරම ප්‍රදේශයේ අක්කර 200ක කජු වගාබිමක් යටි වගාවන් සඳහා තල් සංවර්ධන මණ්ඩලය හරහා උතුරේ තල් ගොවි සමිති වෙත ලබා දීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය. 
අක්කර 200කින් මෙම කටයුත්ත ඇරඹුවත් ඉදිරියේ දී කජු සංස්ථාව සතුව තිබෙන උතුරේ අක්කර 6000ක කජු වගා බිම්වල උතුරේ ගොවීන් තල, මුං, කවුපි, ලුණු වගා කරනු දැකීම තම අපේක්ෂාව බව පැවසූ ඇමතිවරයා, ආරක්ෂාව හා බැඳුණු ඉඩම් වෙනුවට වෙනත් රාජ්‍ය ආයතන සතුව ඇති ඉඩම් මෙසේ උතුරේ ගොවි ජනතාවට ලබා දීම සැබෑ සංහිඳියාවට ඉමහත් රුකුලක් බව ද සඳහන් කළේය.
එසේම ආනයනය සීමා කිරීම නිසා හිඟයක් පවතින උඳු හා කහ වගාවන් කෙරෙහි උතුරේ ගොවි ජනතාව අවධානය යොමු කළහොත් ඔවුන්ගේ එකී වගාවන්ට ඉතා හොඳ ඉල්ලුමක් ලැබෙනු ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
ඉහත අක්කර 200ක මන්නාරම, කොන්ඩච්චි ඉඩම තල් සංවර්ධන මණ්ඩලයේ ගොවි සමිති හා යාපනයේ ‘වරුණි’ ගොවි සමිතිය මගින් ජනතාවට බෙදාදීමට නියමිතය. මෙහි දී තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පර්යේෂණාගාරය විසින් නිපදවා ඇති ‘තල් සීනි’ ඇතුළු තල් නිෂ්පාදන කිහිපයක් ජනගත කිරීම ද සිදුවිය. 
ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සහ කජු සංස්ථාවේ සභාපතිනී සාරංගා රත්නායක මහත්මිය විසින් සිදු කරන ලදී. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු හැදුනමත් කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න ඕනද? නාමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩු වල මිළ ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත,බඩු මිළ වැඩියි. පොළවල් වලට ගියාම ඒ මිළ ගණන් ඇහුවාම...

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img