Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද...

ජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් ලබා දී තිබෙනවා

ජාතිවාදී දේශපාලනඥයන් උතුරේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට තල් සංවර්ධන මණ්ඩලය අද ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් ලබා දී තිබෙනවා
– කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

උතුරේ දමිල ජනතාව මුහුණ දී ඇති ඉඩම් හිඟයට එකම පිළියම එම ප්‍රදේශයේ පවතින හමුදා කඳවුරු ඉවත් කිරීම බවට පෙන්වා දෙමින් ජාතිවාදී දේශපාලනඥයන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට පිළිතුරු දෙමින් තල් සංවර්ධන මණ්ඩලය, කජු සංස්ථාවට අයත් මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 200ක් ගිවිසුම් මගින් උතුරේ තල් ගොවීන්ගේ සමිතිවලට ලබා දීම ඉහත ප්‍රබන්ධයට ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 

අද (15) දින කජු සංස්ථාවට අයත් මන්නාරම ප්‍රදේශයේ අක්කර 200ක කජු වගාබිමක් යටි වගාවන් සඳහා තල් සංවර්ධන මණ්ඩලය හරහා උතුරේ තල් ගොවි සමිති වෙත ලබා දීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය. 
අක්කර 200කින් මෙම කටයුත්ත ඇරඹුවත් ඉදිරියේ දී කජු සංස්ථාව සතුව තිබෙන උතුරේ අක්කර 6000ක කජු වගා බිම්වල උතුරේ ගොවීන් තල, මුං, කවුපි, ලුණු වගා කරනු දැකීම තම අපේක්ෂාව බව පැවසූ ඇමතිවරයා, ආරක්ෂාව හා බැඳුණු ඉඩම් වෙනුවට වෙනත් රාජ්‍ය ආයතන සතුව ඇති ඉඩම් මෙසේ උතුරේ ගොවි ජනතාවට ලබා දීම සැබෑ සංහිඳියාවට ඉමහත් රුකුලක් බව ද සඳහන් කළේය.
එසේම ආනයනය සීමා කිරීම නිසා හිඟයක් පවතින උඳු හා කහ වගාවන් කෙරෙහි උතුරේ ගොවි ජනතාව අවධානය යොමු කළහොත් ඔවුන්ගේ එකී වගාවන්ට ඉතා හොඳ ඉල්ලුමක් ලැබෙනු ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
ඉහත අක්කර 200ක මන්නාරම, කොන්ඩච්චි ඉඩම තල් සංවර්ධන මණ්ඩලයේ ගොවි සමිති හා යාපනයේ ‘වරුණි’ ගොවි සමිතිය මගින් ජනතාවට බෙදාදීමට නියමිතය. මෙහි දී තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පර්යේෂණාගාරය විසින් නිපදවා ඇති ‘තල් සීනි’ ඇතුළු තල් නිෂ්පාදන කිහිපයක් ජනගත කිරීම ද සිදුවිය. 
ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සහ කජු සංස්ථාවේ සභාපතිනී සාරංගා රත්නායක මහත්මිය විසින් සිදු කරන ලදී. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img