ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කස්ටන් පත් කර තිබේ.ඒ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ඇත. මෙම පත්කිරීම ලබන මස 15වෙනිදා සිට බලාත්මක වේ.දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ සනත් ජයසූරියයි.ගැරී කර්ස්ටන් දකුණුව අප්‍රිකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති අතර කලක් ඉන්දීය කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇත.සනත් ජයසූරියට මේ වන විටත් රටවල් කිහිපයකම ක්‍රිකට් කණ්ඩායම් වල පුහුණුකරු ධූරය සඳහා ආරාධනා කොට ඇති බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.






















