Monday, July 13, 2026
HomeNEWSබදාදා නිවාඩුව පාසල්වලට බලපායිද?

බදාදා නිවාඩුව පාසල්වලට බලපායිද?

පවතින් අර්බුදකාරි තත්ත්වයත් සමඟ සෑම සතියක බදාදා දිනය නිවාඩු ලබාදීමත් සමඟ පාසල්වල පැවැත්වීමට නියමිත ඉදිරි විභාග දිනයන්, දින කිහිපයක් පසුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අමතිමින් ඒ මහතා මේ බව පැවසීය‍.එමෙන්ම අවශ්‍ය නම් විශ්වවිද්‍යාලවල දේශන Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ද හැකියාවක් පවතින බව ඒ මහතා ප්‍රකාශ කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා,ප්‍රශ්නය – කොවිඩ් කාලේ වගේ Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරනවා ද?”එහෙම සැලසුමක් පිළිබඳවත් සාකච්ඡා කළා නමුත් තාමත් රට පුරා ඒකාකාරව අන්තර්ජාල පහසුකම් නෑ. ඒ නිසා වැඩි අවධානයක් යොමු කළේ නෑ. නමුත් විශ්වවිද්‍යාලවලට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවසර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරුවා. බදාදා දිනය නිවාඩුවක් වුණත් ඒ වගේම අනිත් දින වලදී Zoom තාක්ෂණය ඔස්සේ ඒ අදාළ ලෙක්චර්ස් පැවැත්වීම සඳහා. ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා.”ප්‍රශ්නය – ඉදිරියේ දී පැවැත්වෙන විභාග කල් යයිද ?”අලුත් අවුරුදු නිවාඩුව පාසල්වලට එලැඹෙන අප්‍රේල් මාසසේ 10 වනදා සිට. ඒ දිනවල දී තමා මේ සතියට එක දවසක් නිවාඩු ලබා දෙන්නේ. මේ සියලුදෙයින් යම් විදියකට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට වැළැක්වීමට හැකියාවක් නෑ. ඒක ලොකු දින ප්‍රමාණයකින් නෙමෙයි යම්කිසි ආකාරයකට දිනවකවානු ඒ තිබ්බ විදියට වඩා පසු වෙන් හැකියාව තිබෙනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img