Saturday, July 11, 2026
HomeNEWSතමිල්නාඩුවේ මහ ඇමති තලපති විජේ වැඩ අරඹයි

තමිල්නාඩුවේ මහ ඇමති තලපති විජේ වැඩ අරඹයි

තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙසින් වැඩ භාරගත් තලපති විජේ, පළමු දිනයේම සිය ප්‍රධාන සුභසාධන යෝජනා ක්‍රම තුනකට අත්සන් තබා තිබේ.

කාන්තා ආරක්ෂාව, තරුණ සුභසාධනය සහ මහජන යහපැවැත්ම යන කරුණු කෙරෙහි අවධානය යොමුකර මෙම යෝජනා ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත.

කාන්තා ආරක්ෂාව වෙනුවෙන් ‘Singappen Athiradi Padai’

විජේගේ යෝජනාවල කොටසක් ලෙස තමිල්නාඩුව පුරා කාන්තා ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් ‘Singappen Athiradi Padai’නමින් නව විශේෂ කාන්තා ආරක්ෂක ඒකකයක් දියත් කළේය.

බලයට පත්වීමෙන් පසු විජය ඔහුගේ පළමු තීරණය ලෙස මෙම ඒකකය නිල වශයෙන් පිහිටුවා ඇත. ඒ අනුව ප්‍රාන්තයේ සියලුම ප්‍රදේශවල කාන්තා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇත.

නොමිලේ විදුලි ඒකක 200ක්

තමිල්නාඩුවේ නිවාස සඳහා මාස දෙකකට වරක් නොමිලේ විදුලිය ඒකක 200ක් ලබා දෙන යෝජනා ක්‍රමයක් අනුමත කළේය.

මෙම පියවර ගනු ලබන්නේ දැනට පාරිභෝගිකයින්ට නොමිලේ විදුලි ඒකක 100ක් ලැබෙන යෝජනා ක්‍රමයට අමතරවය.

සෑම දිස්ත්‍රික්කයකටම මත්ද්‍රව්‍ය නාශක ඒකකයක්

‘මත්ද්‍රව්‍යවලින් තොර තමිල්නාඩුවක්’ නිර්මාණය කිරීමේ සහ තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, තමිල්නාඩුවේ සෑම දිස්ත්‍රික්කයකම මත්ද්‍රව්‍ය විරෝධී ඒකක පිහිටුවීමේ නියෝගයකට අත්සන් තැබීය.

මේ අතර අද (10) පැවති විජයගේ දිවුරුම් දීමේ උත්සවය අතරතුර ඔහු හැඟීම්බර දේශනයක්ද පැවැත්වීය.

එහිදී ඔහු දැක්වූ අදහස්,

“මම ඔබේ පවුලේ කෙනෙක්. මම ඉන්ද්‍රජාලිකයෙක් හෝ දේව චරිතයක් නොවේ. යථාර්ථවාදීව කළ හැකි දේ මම කරනවා.තමිල්නාඩුව විශාල ණය බරකින් පෙළෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම සිඳී ගිහින්.

අපි මුලින්ම තමිල්නාඩුවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කරනවා. මම රහසිගතව කිසිවක් කරන්නේ නැහැ. සියල්ල විනිවිද පෙනෙන ලෙස කරනවා. මගේ රජයට යම් කාලයක් ලබා දෙන්න.

මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව දැඩිව පියවර ගන්නවා. තරුණයින් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම මගේ ප්‍රමුඛතාව. තමිල්නාඩුවේ කෝටි 8ක ජනතාවම මට එකයි. මිතුරන් හෝ සතුරන් වේවා, සියල්ලෝම මගේ ජනතාව.

මම කිසි විටෙකත් මහජන මුදල් වැරදි ලෙස භාවිතා කරන්නේ නෑ. මගේ පරිපාලනය තුළ දූෂණයට ඉඩක් නෑ.

මේ විජේ කවදාවත් වැරදි කරන්නේ නැහැ. මාත් එක්ක ආණ්ඩුවේ ඉන්න අය පවා වැරදි කළොත් බේරෙන්නේ නැහැ” යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img