හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණීමට නියමිතයි.
ඒ, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද පෙනී සිටින ලෙසට පසුගියදා ලිපියක් මගින් දන්වා තිබුණා.
මෙම ලිපිය පසුගිය 09 වැනිදා කාල්ටන් නිවසට භාරදී තිබෙනවා.






















