උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(23) සවස පැවැත්වුණි.
මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් රැසක් විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ සිටියහ..
මෙම සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුවය.






















