Thursday, August 6, 2026
HomeNEWSඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි.

ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි.

අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනී සිටියි.

තාරුණ්‍යයේ සිහිනය වන්නේ විදේශගත වී හොද රැකියාවක් සිදුකරලා හොද ආදායමක් ලබාගෙන ඒ අදායම ඔවුන්ගේ පවුල්වලට ලබාදීලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. රටට අත්‍යාවශ්‍ය විදේශ ප්‍රවේශන ලබාදෙන්න විදේශගත ශ්‍රමිකයින් කටයුතු කරනු ලබන බවත් ඔවුන් විශිෂ්ඨ සේවාවක් ඉටු කරන බවත් ඔවුන් රටටත් රටේ ආර්ථික ජිවනාලියට විශාල ශක්තියක් ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

ශ්‍රී ලංකා රජයත් ඊශ්‍රායල රජයත් අතර විවිධ ක්ශ්‍රේත්‍ර සඳහා රැකියා 14,000 ක් ලබා දීමට 2023 දී ගිවිසුම් අත්සන් කරනු ලැබුවා. නමුත් 2025 ත් 2026 ත් වන විට මේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වෙලා තිබෙන බවත් මේ වනවිට රජයෙන් ඊශ්‍රාලයට යවන සියයට 70 ක පිරිස පෞද්ගලික අංශයෙන් යැවීමට කටයුතු කර තිබෙන බවත් පෞද්ගලික අංශයට හිමි සියයට 30 රජයට ගොස් තිබෙන බවත් මෙය බරපතල වංචනික තත්ත්වයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් අද (06) පොල්දූව මංසන්දියේ සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතා රැළියේදීය.

රජයන් හරහා ගමන් ගන්නා ශ්‍රමිකයන්ට වැය වන්නේ ලක්ෂ 4 ක මුදලක් බවත් පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා ගමන් කරන ශ්‍රමිකයින්ට රුපියල් ලක්ෂ 45 ක් පමණ වැයවෙන බවත් එක් ශ්‍රමිකයෙක් සැපයීමේදී පෞද්ගලික විදේශ රැකියා ආයතනයට ඇමරිකානු ඩොලර් 5000 ක් ලැබෙන බවත් ඊශ්‍රායලයට යාමට සුදුසුකම් ලැබු 3500 ක් සිටින බවත් හෙතෙම ඒ මහතා පැවැසීය. කෙසේ නමුත් ලක්ෂ 45 ක මුදලක් අයකර පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා ඊශ්‍රායලයට යැවීමට කටයුතු කිරීම අසාධාරණ ක්‍රියාවක් බවත් මේ හරහා පෞද්ගලික විදේශ රැකියා ආයතන හොද ලාභයක් මේ හරහා ලබා ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එමෙන්ම ඊශ්‍රායලට යැවීම සඳහා 3500 ක් වන දරුවන්ගේ සිහිනය සැබැ කරන්න පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය පිළිබඳව රජය උනන්දු කරවන්න කටයුතු කරනු ලබන බවත් 2023 ඇති කරගත් ගිවිසුමට අනුව රජය යවන ප්‍රතිශතයට අනුව සියයට 70 ත් , පෞද්ගලික විදේශ රැකියා ආයතන යවන ප්‍රතිශතය සියයට 30 ක් බවට පත් කරන්න රජය කටයුතු කළ යුතු බවත් පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා ඊශ්‍රාලයට යන පිරිස විශාල අපහසුතාවයට පත් වන බවත් මේ සඳහා යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

පොඩි මනුස්සයා රකින බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළ බවත් එය ඉටු කරන්න රජය කටයුතු කළ යුතු බවත් ඊශ්‍රායල යාමට සුදුසුකම් ලැබු 3500 ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් මෙම පිරිස අඩු පිරිවැයක් වැයවන ආකාරයට ඊශ්‍රාලයට යැවීමට කටයුතු කළ යුතු බවත් ඊශ්‍රාලය සමඟ සාකච්ඡා කර රජයේ මාර්ගයෙන් යාමට හැකි ක්‍රමවේද වැඩි කළ යුතු බවත් ඒ නිසා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළහොත් රජයට සහ විදේශගතවන පිරිස විශාල වාසියක් අත්වෙන බවත් රැකියා අපෙක්ෂාවෙන් සිටින පිරිස වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඩක් නගන්න කටයුතු කරන බවත් තාරුණ්‍යයන්ට ලක්ෂ 45 ක් ගෙවා ඊශ්‍රාලයට යනවා වෙනුවට ලක්ෂ 4 ක මුදල් ගෙවා ඊශ්‍රාලයට යාමට රජය ඉඩ සලස්වා දිය යුතු බත් ඒ අරමුණ සහ ඉලක්කය කරා මෙම තරුණයන්ට ගමන්ට කිරිමට ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරනු ලබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට යොදා ගත යුතුයි- ජනපති

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්,ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත...

ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි; මුදාගැනීමට විශේෂ මෙහෙයුමක්: නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක.

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

ප්‍රසාද ලකුණු 1354ක් ලබා පිරමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වියඑම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමස්ථානයට පත්...

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියක්

පානම සංචාරක පහසුකම් සඳහා මිලියන 10 ක ව්‍යාපෘතියකට මුල්ගල් තැබේ ​අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img