Sunday, November 1, 2026
HomeNEWSඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 350000ක් සුරක්ෂිතයි- ඇමති විජිත

ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 350000ක් සුරක්ෂිතයි- ඇමති විජිත

ඇමරිකානු තීරුබදු 10% දක්වා ලිහිල් කෙරේ: ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 3,50,000ක් සුරක්ෂිතයි – විදේශ අමාත්‍ය විජිත හේරත්

​ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා අපනයන මත පැනවීමට තීරණය කළ 44%ක අධික තීරුබද්ද සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් 10% දක්වා පහත හෙළීමටත්, ඒ හරහා දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 3,50,000කට වැඩි ප්‍රමාණයක් සුරක්ෂිත කිරීමටත් රජය සමත් වූ බව විදේශ, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

​ගරු කාරක සභා සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මුලින් 44%ක් ලෙස පැනවූ මෙම තීරුබද්ද සාකච්ඡා වට කිහිපයකින් පසු 20% දක්වා අඩු කරගත් බවයි. ඉන්පසුව ඇමරිකානු 1974 වෙළඳ පනත යටතේ බලපෑ 12.5%ක අමතර බද්දෙන් නිදහස් වීම සඳහා බලහත්කාරී ශ්‍රමය භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් ඉදිරිපත් කළ අතර, එම පියවර හේතුවෙන් අවසානයේ තීරුබද්ද 10%ක අවම මට්ටමේ පවත්වා ගැනීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.

​මෙම ජයග්‍රහණය ජනාධිපතිතුමාගේ උපදෙස් මත විදේශ, මුදල්, වෙළඳ අමාත්‍යාංශ, මහ බැංකුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදුකළ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව පැවසූ අමාත්‍යවරයා, ඇමරිකාව සමඟ වන ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමේ සාකච්ඡා 95%කට වඩා අවසන් කර ඇති බවත්, යුරෝපා සංගමයේ GSP+ බදු සහනය නැවත ලබාගැනීමට විශේෂ කමිටුවක් හරහා කටයුතු යොදා ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img