Thursday, August 20, 2026
HomeNEWSමැතිවරණ සමයේ රජයට ඡන්දය දුන් ගොවියාට දැන්වත් නිසි සාධාරණය ඉටු කරන්න -...

මැතිවරණ සමයේ රජයට ඡන්දය දුන් ගොවියාට දැන්වත් නිසි සාධාරණය ඉටු කරන්න – විපක්ෂ නායක සජිත්

ගොවි ජනතාවගේ ප්‍රශ්නය දැනටමත් උග්‍ර අතට පත්ව ඇති බවත් ඒ අයගේ ගොවිතැන් කටයුතු කරන පිරිවැයට සාපේක්ෂ ලාභයක් සමඟ වී ටික විකුණා ගන්න නොහැකි වී ඇති බවත් තෙත වී රු. 80-85ත් වේලුණු වී රු. 90-95 හෝ රු. 100ට මිලදී ගන්නා බවත් රජය ඉදිරිපත් කළ ආකාරයට වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් වැය වන නිසා බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

නිෂ්පාදන පිරිවැයට සරිලන සාමාන්‍ය ලාභයක් හෝ ලබා ගෙන ගොවි ජනතාව දුප්පතුන් බවට පත් නොකර ඒ අයගේ ජීවනෝපාය නිසා දරිද්‍රතාවෙන් පීඩනයට අසහනයට ලක් නොකර ඔවුන්ගේ ජන ජීවිත හකුලන්නේ නැතිව කරුණාකර මේ වී ගොවියාට සාධාරණ මිල ලබා දෙන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය මැතිවරණ සමයේ මේ රජය වී ගොවියා වෙනුවෙන් කතා කළ දේවල් අද ගොවියාගේ සුබසාධනය වෙනුවෙන් ගොවියාගේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්න සිදු කර නොමැති බවත් හෙක්ටර්යාරයක් සඳහා රජයේ නිර්දේශිත අවශ්‍ය නයිට්‍රජන් සතු යූරියා කි.ග්‍රෑම් 225ක් ලබා දිය යුතු බවත් එක් හෙක්ටර්යාරයක් සඳහා රු. 30000ක් දුන්නත් අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය සහිත යූරියා කිලෝ 225ක් සඳහා මේ සහනාදාරය ප්‍රමාණවත් නොමැති බවත් මේ පිරිවැය ගැන පැහැදිලිවම ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හෙක්ටර්යාරයකට මීට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනි යැයි රජය කිව්වත් අද වන විට බිත්තර වී පොහොර තෙල් කෘෂි රසායන ආදියේ සිට මිල වැඩි බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම ආදිය නිසා විශාල ගැටලු රැසකට ගොවියා මුහුණ දෙන බවත් පුළුල් ලෙස කතා කරන විට 25%ක් කෘෂිකර්මාන්තයේ නියැලී සිටින බවත් 26ත් 27%ත් අතර ප්‍රමාණයක ශ්‍රම බලකාය සිටින බවත් පර්යේෂණවලට අනුව දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්තය ලබා දෙන ගණනය කිරීමේ දෝෂ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම්වල වරද නිවැරදි කරන්න කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඉදිරි මාසවල මේ තියෙන ගැටලු තත්ත්වය අඩු වෙයි කියා රජය සිතනවා නම් එය වැරදි බවත් මේ වී ගොවියාගේ ගැටලුවලට විසදුම් දෙන්න කල් මරමින් සිටින සෑම මොහොතක ගොවියා අසරණ වී ආර්ථිකය හැකිලී බරපතල දරිද්‍රතාවෙන් ගොවියා පෙළෙන බවත් රජයට ඡන්දය දී කැපකිරීම් කළ ගොවියා දැන්වත් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img