Friday, October 30, 2026
HomeNEWSඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය කඩා වැටී ඇති බව එරට හමුදාව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකාවේ අලස්කා ප්‍රාන්තයේ කේප් නිව්හැම් රේඩාර් මධ්‍යස්ථානය අසලට ළඟා වෙමින් තිබූ මෙම ගුවන් යානය අනතුරට ලක් වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් අට දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි සදහන් වේ.

ඇන්කරේජ් නගරයේ සිට කේප් නිව්එන්හැම් වෙත පියාසර කරමින් තිබූ ‘Cessna 441’ වර්ගයේ මෙම යානය බ්‍රහස්පතින්දා දහවල් 12.15 ට පමණ ගමනාන්තය ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සහ CNN පුවත් සේවය වාර්තා කරයි.

ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ (NTSB) ඇලස්කා කලාප ප්‍රධානී ක්ලින්ට් ජොන්සන් සඳහන් කර ඇත්තේ, මෙම සිවිල් කොන්ත්‍රාත් ගුවන් ගමන සඳහා නියමුවන් දෙදෙනෙකු සහ මගීන් හය දෙනෙකු ඇතුළත්ව සිටි බවයි. කේප් නිව්එන්හැම් ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි, දිගු දුර රේඩාර් මධ්‍යස්ථානයකට ප්‍රවේශය සපයන ගුවන් හමුදා ගුවන් පථය ආසන්නයේදී මෙම කඩා වැටීම සිදුව ඇති අතර, සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් යානයේ සිටි කිසිවෙකුත් දිවි ගලවාගෙන නොමැති බව පසුව තහවුරු කර ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img