Sunday, August 23, 2026
HomeNEWSඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය කඩා වැටී ඇති බව එරට හමුදාව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකාවේ අලස්කා ප්‍රාන්තයේ කේප් නිව්හැම් රේඩාර් මධ්‍යස්ථානය අසලට ළඟා වෙමින් තිබූ මෙම ගුවන් යානය අනතුරට ලක් වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් අට දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි සදහන් වේ.

ඇන්කරේජ් නගරයේ සිට කේප් නිව්එන්හැම් වෙත පියාසර කරමින් තිබූ ‘Cessna 441’ වර්ගයේ මෙම යානය බ්‍රහස්පතින්දා දහවල් 12.15 ට පමණ ගමනාන්තය ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සහ CNN පුවත් සේවය වාර්තා කරයි.

ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ (NTSB) ඇලස්කා කලාප ප්‍රධානී ක්ලින්ට් ජොන්සන් සඳහන් කර ඇත්තේ, මෙම සිවිල් කොන්ත්‍රාත් ගුවන් ගමන සඳහා නියමුවන් දෙදෙනෙකු සහ මගීන් හය දෙනෙකු ඇතුළත්ව සිටි බවයි. කේප් නිව්එන්හැම් ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි, දිගු දුර රේඩාර් මධ්‍යස්ථානයකට ප්‍රවේශය සපයන ගුවන් හමුදා ගුවන් පථය ආසන්නයේදී මෙම කඩා වැටීම සිදුව ඇති අතර, සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් යානයේ සිටි කිසිවෙකුත් දිවි ගලවාගෙන නොමැති බව පසුව තහවුරු කර ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img