22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට මීට වඩා වැදගත් කාර්යයන් රැසක් සිදු කිරීමට ඇති බවයි.
“මේ 22 වැනි සංශෝධනය ගේනවට වඩා ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා. ඒවා කරලා ඉවරවෙලා ඕනෑ වගන්තියක් ගෙනාවට කමක් නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව ජනතාවගේ සැබෑ ගැටලු සඳහා ප්‍රමුඛතාව ලබා නොදෙන බවට ද ඔහු චෝදනා කළේය.
ජනතාවට ආහාර පාන සම්බන්ධයෙන් පවා ගැටලු ඇති අවස්ථාවක එම ප්‍රශ්න විසඳීමට කටයුතු නොකර “අනවශ්‍ය ප්‍රශ්න” ඉදිරියට ගෙන ඒම ගැටලුවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.






















