Friday, October 30, 2026
HomeNEWS 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට මීට වඩා වැදගත් කාර්යයන් රැසක් සිදු කිරීමට ඇති බවයි.

“මේ 22 වැනි සංශෝධනය ගේනවට වඩා ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් කරන්න වැඩ තියෙනවා. ඒවා කරලා ඉවරවෙලා ඕනෑ වගන්තියක් ගෙනාවට කමක් නැහැ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව ජනතාවගේ සැබෑ ගැටලු සඳහා ප්‍රමුඛතාව ලබා නොදෙන බවට ද ඔහු චෝදනා කළේය.

ජනතාවට ආහාර පාන සම්බන්ධයෙන් පවා ගැටලු ඇති අවස්ථාවක එම ප්‍රශ්න විසඳීමට කටයුතු නොකර “අනවශ්‍ය ප්‍රශ්න” ඉදිරියට ගෙන ඒම ගැටලුවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img