Friday, October 30, 2026
HomeNEWSASEAN රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා - අමාත්‍ය විජිත හේරත්.

ASEAN රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා – අමාත්‍ය විජිත හේරත්.

https://we.tl/t-Wuet3oSyjirgXMFN

ශ්‍රී ලංකාව සහ ASEAN සංවිධානයේ රටවල් අතර වෙළඳාම සහ ආයෝජන, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා සංස්කෘතිය ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ය. සතියක් පුරා කොළඹ පැවැත්වෙන “ASEAN Cuisines Week 2026” ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ආසියාන් (ASEAN) දූත මණ්ඩලවල සභාපතිනිය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වියට්නාම තානාපති ගරු. ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මැතිණිය ඇතුළු ආසියාන් තානාපතිවරුන් වෙත අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම උත්සවය හුදෙක් ආහාර රටාවන් සමරන්නක් පමණක් නොව මිත්‍රත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරිත්වය තහවුරු කරන්නක් බවත් සංස්කෘතීන් සහ ප්‍රජාවන් එකිනෙකා යා කරන ප්‍රබල මාධ්‍යයක් ලෙස ආහාර හඳුන්වා දුන්නේය.

කොළඹ Cinnamon Lakeside හිදී ඊයේ (21) පැවැති මෙම අවස්ථාව සඳහා කොළඹ සිටින ආසියාන් රටවල තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු ප්‍රභූ අමුත්තන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක ප්‍රකට රංගන ශිල්පී පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

"ස්ටාර් ට්‍රැක් ද නෙක්ස්ට් ජෙනරේෂන්" චිත්‍රපටයේ කැප්ටන් ජොං -ලූක් පිකාඩ් සහ "එක්ස්-මෙන්" චිත්‍රපටවල මහාචාර්ය චාල්ස් එග්සේවියර් ලෙස රඟපෑ බ්‍රිතාන්‍ය රංගන ශිල්පි පැට්‍රික් ස්ටුවර්ට් (86)...

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට: සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img