Monday, August 24, 2026
HomeNEWSASEAN රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා - අමාත්‍ය විජිත හේරත්.

ASEAN රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා – අමාත්‍ය විජිත හේරත්.

https://we.tl/t-Wuet3oSyjirgXMFN

ශ්‍රී ලංකාව සහ ASEAN සංවිධානයේ රටවල් අතර වෙළඳාම සහ ආයෝජන, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා සංස්කෘතිය ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ය. සතියක් පුරා කොළඹ පැවැත්වෙන “ASEAN Cuisines Week 2026” ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ආසියාන් (ASEAN) දූත මණ්ඩලවල සභාපතිනිය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වියට්නාම තානාපති ගරු. ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මැතිණිය ඇතුළු ආසියාන් තානාපතිවරුන් වෙත අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම උත්සවය හුදෙක් ආහාර රටාවන් සමරන්නක් පමණක් නොව මිත්‍රත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරිත්වය තහවුරු කරන්නක් බවත් සංස්කෘතීන් සහ ප්‍රජාවන් එකිනෙකා යා කරන ප්‍රබල මාධ්‍යයක් ලෙස ආහාර හඳුන්වා දුන්නේය.

කොළඹ Cinnamon Lakeside හිදී ඊයේ (21) පැවැති මෙම අවස්ථාව සඳහා කොළඹ සිටින ආසියාන් රටවල තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු ප්‍රභූ අමුත්තන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img