Monday, August 24, 2026
HomeNEWSගුවන් භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමට නව ඩිජිටල් වැඩපිළිවෙලක්

ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමට නව ඩිජිටල් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් බවට පත් කිරීමේ අරමුණින් Air Cargo Community System (ACCS) හඳුන්වාදීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රීලන්කන් ගුවන් සේවය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත බහු පාර්ශ්වකරුවන්ගේ කමිටුවක් ස්ථාපිත කර තිබේ.

2023 වසරේදීද මෙම පද්ධතිය හඳුන්වාදීමට මූලික උත්සාහයක් ගෙන තිබුණද, සියලු පාර්ශ්වකරුවන් අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් සහ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම කටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබිණි.

නව රජය පත්වීමෙන් අනතුරුව අදාළ සියලු පාර්ශ්ව එකම වේදිකාවකට ගෙන එමින් එම වැඩපිළිවෙළ නැවත ක්‍රමවත් ලෙස ආරම්භ කර තිබේ.

මේ වනවිට ACCS හඳුන්වාදීමේ ශක්‍යතාව, තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික අවශ්‍යතා පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතී.

එහි ප්‍රගතිය සම්බන්ධ විශේෂ සමාලෝචන සාකච්ඡාවක් අගෝස්තු 21 වැනිදා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් ගුවන් භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලියේ ප්‍රමාදයන් සහ අනවශ්‍ය ලේඛන කටයුතු අවම කරමින් ආයතන අතර තොරතුරු හුවමාරුව වේගවත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතු සේවාවක් ලබාදීමටත්, ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා රටේ වෙළෙඳ හා ආර්ථික කටයුතු සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමටත් මෙමගින් හැකි වනු ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img