අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මේ සඳහා අනුකූල නොවන සමාගම් සඳහා ගෝලීය ආදායමෙන් 10%ක් දක්වා දඩ මුදල් අය කිරීමටත් ඔහු විසින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එරට දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් සිදුවන හානිය පිළිගත නොහැකි බවය.
සමාජ මාධ්‍ය ඔවුන්ව හානියට පත් කරන මෙන්ම ඇබ්බැහි කරවන සුළු බවත් එය ඔවුන්ට මුහුණ දීමට නොහැකි පීඩනවලට නිරාකරණය කරමින් සිටින බවටත් ඔහු පවසා තිබේ.
මේ හේතුවෙන් ඔවුන්ගේ පවුල් ජීවිතයට මෙන්ම මානසික සෞඛ්‍යට බලපෑම් කරන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර ඒ අනුව මෙම පනත් කෙටුම්පත නවසීලන්ත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.






















