Friday, August 28, 2026
HomeNEWSනැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා - විපක්ෂ නායක...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට පත් කර ලබා දෙනවා යැයි පැවසුවත් අද ඒ කිසිවක් නොමැතිව රු. 120ක සහතික මිලක් වි කිලෝවක් සඳහා ලබා දී ඇති බවත් කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන බවට පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් මේ අනුව ගොවියාගේ වී කිලෝවකින් රු. 17ක් පාඩු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියාට බොරු කියා ඡන්දය අරගෙන ජනාධිපතිකම් අගමැතිකම් පාර්ලිමේන්තුවේ 2/3ක් ලබා ගෙන අද ගොවියාට පාඩු කරමින් යන බවත් දැන් ඊට අමතරව දැන් වී මිල දී ගන්නවා කිව්වත් තවමත් වී ගබඩාවලට වී මිලදී ගෙන නොමැති බවත් දැන් තෙත වී කිලෝවක් රු. 85ක මුදලකටත් වියළි වී කිලෝවක් රු. 100ක් වැනි මුදලකටත් රජය මිලදී ගන්නා බවත් රජය ලබා ගන්නේ 2-3%ක් වැනි ප්‍රමාණයක් බවත් ඉතුරු වි මිලදී ගන්නා මෝල් මේ වන විට කඩන් වැටී ඇති නිසා විපක්ෂයේ බල කිරීම මත රු. මි. 7500ක මුදලක් වෙන් කර පොලි රහිත ණය ලබා දීමක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට ලුණුගම්වෙහෙර සීනි මුන්න ප්‍රදේශයේ පැවැති ගොවි ගැටලු සොයා බැලීමේ ජන හමුව අමතමිනි. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රිවරයා ලෙස සිටියදී ගොඩනගන ලද වී ගබඩාවක් නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන ලදි.

කණකර උගස් කර බිත්තර වී සපයා පොහොර සහනාධාරය පවා කලට වේලාවට නොමැති අවස්ථාවක ගොවිතැන් කර කෘෂි උපකරණවලට පවා වැට් බදු ගසා ඇති මොහොතක අලි මිනිස් ගැටුමට පවා මුහුණ දී වී වගා කළත් අද සෑම වී කිලෝවකින්ම රු. 17ක් පාඩු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වසර දෙකට මෙට්‍රික් ටොන් 380000ක් රටින් සහල් ගෙන්වලා

ජනාධිපතිවරණයට පෙර පිටරටින් සහල් ගෙන්වන්නේ කොමිස් ගහන්න බවත් කොමිස් ගහන්න ඔ්නි නිසා රටින් හාල් ගෙනවිත් ගොවියා විනාශ කරන බවට නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම ඇමතිවරයා පැවසූ බවත් එදා ජනාධිපතිවරයා පවා විදේශයෙන් සහල් ගෙන්වීම ගැන කිව්වේ සහල් මෙට්‍ර්ක් ටොන් ලක්ෂ 3ක් ගෙන්වන්න රු. කෝටි 900ක් පගා ගහන බව පැවසුවත් වත්මන් රජය සහල් වසර 2ක් තුළ මෙට්‍රික් ටොන් 380000ක් රටින් ගෙන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සහල් අතිරික්තයක් තිබියදී ඇයි රටින් ගෙන්වන්නේ

අප රටේ වත්මන් සහල් ඉල්ලුම වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් වුවත් රටේ වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් නිෂ්පාදනය කරන බවත් ඉල්ලුමට වඩා සහල් නිෂ්පාදනය කර සහල් අතිරික්තයක් ඇති බවත් රටේ වැඩිපුර හාල් තිබියදී රජය පිටරටින් හාල් ගේන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මෙයට හේතුව අප රටට ජාතික කෘෂිකර්ම සැලසුමක් සහ වැඩපිළිවෙළක් නොමැති වී බවත් සහල් ඉල්ලුමෙන් 76%ක් සුදු හා රතු නාඩු පාරිභෝජනය කරන විට 12%ක් සම්බා සහ තවත් 12%ක් කීරි සම්බා පරිභෝජනය කරන බවත් විද්‍යාත්මකව රටේ වගා රටාවක් ගොඩනැගිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇවිදින පුස්තකාලවල වැඩ දැන් ජනතාවට තේරීලා තියෙන්නේ

අප රට සහල් කුඩා ප්‍රතිශතයක් අපනයනය කළත් විදේශයෙන් ආයනයනය කිරීමේ ගැටලුවක් ඇති බවත් මේ බරපතල ගැටලුවට අනුර කුමාර දිසානායක රජයට විසදුම් නොමැති බවත් ඇවිදින පුස්තකාල කියා රටේ බහුතරය මේ රජයට ඡන්දය දුන්නත් මේ රජයට අවම වශයෙන් ජනතාවගේ දුක නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රු.17315කින් මාසයක් ජිවත් වෙන්න පුළුවන්ද

ලාල් කාන්තා කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව රතු නාඩු කිලෝවක් හදන්න රු. 76ක් වැයවන බවත් රතුනාඩු අක්කරයකින් කිලෝ 2315ක් ලැබෙන බවත් ඒ අනුව වියදම රු. 175,940ක් යන විට මේ මුළු අස්වැන්නම රජය රු. 120ක් ගානේ මිලදී ගත හොත් ගොවියාට ආදායම රු. 277,080ක් ලැබෙන බවත් ඒ අනුව ශුද්ධ ලාභය රු.100,000ක් පමණ වන විට මාසිකව ගොවියාට ලැබෙන්නේ රු. 16,666ක් බවත් ඊට අමතර ව ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව එක් පුද්ගලයකුට දින 30ක් ජීවත් වෙන්න රු. 17,315ක් වැය වන බවත් එක් පුද්ගලයකුට මේ මුදල ප්‍රමාණවත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019ත් 2024ත් ජනතාව රැවටුණා

දශලක්ෂ ගණනින් ආණ්ඩුවට ඡන්දය ලබා දී රු. 16666කින් ජීවත් වෙන්න ප්‍රමාණවත් ද කියා ගොවි ජනතාවගේ ප්‍රශ්න කරන බවත් මේ රජය ගොවි ජනතාව රවටා අන්දවා ඇති බවත් 2019ත් 2024ත් රටේ ජනතාව රැවටුණු බවත් මොවුන් දන්නේ පච දේශපාලනය බවත් සමාජ මාධ්‍ය තුළින් මේ පච යාන්ත්‍රණය ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔන්න බොරු කියන්න ජනපති රට වටේ යනවා

මේ දැවැන්ත ආර්ථික අර්බුධය නිසා රටෙන් 30-40%ක් දුප්පත් වී තිබියදී අස්වැසුම කපමින් යන බවත් ඉදිරියේ දී ජනාධිපතිවරයා ජනතාව හමුවෙන්න රැස්වීම් පවත්වන්න සූදානම් බවත් මේ රැස්වීම්වලට එන්න පෙර 33%කින් විදුලි බිල අඩු කර වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දී ලක්ෂ 12කට විට්ස් කාර් එකක් ලබා දීම සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඇයි තවත් ජනතාවට බොරු කියන්නේ

ගොඩ භෝග, ලූණු, අර්තාපල් ගොවියා ඇතුළු සමස්ත ජනතාවට කරනවා කියූ සාධාරණත්වය ඉටු කරන ලෙසත් ටොන් ගණනක් මුදල් මහා භාණ්ඩාගාරයෙ ඇති බවට පැවසූ නිසා දැන්වත් මේ ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් දැන්වත් ජනතාවට බොරු නොකියා පොහොසත් රටයි ලස්සන ජීවිතයයි ගොඩනගන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා මම කියපු දේවල්වලට හිනා වුණාට අද ඒවා ඇත්ත වෙලා

පසුගිය කාලයේ තමා කරුණු රැසක් ඉදිරිපත් කරන විට රජය හිනා වූ බවත් කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලුව වන ආර්තව දරිද්‍රතාව ගැන තමා කියන විට අපහාස උපහාස කළත් අද එය රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්ව පාසල් යන දැරියන් දශ ලක්ෂයකට රු. මි. 1400ක් වෙන් කර මේ සහනය ලබා දෙන බවත් තමා බලයට පැමිණියා නම් එය ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි එල්නීනෝ ලානීනා තත්ත්වයට සාර්ථකව මුහුණ දිය යුතුයි

කොරෝනා සමයේ මුව ආවරණ ගැන කියන විට පවා අපහාස උපහාස කළ බවත් එන්නත් ගැන කියන විටත් අපහාස උපහාස කරමින් ධම්මික පැණියක් නිර්මාණය කරමින් විහිලු කරමින් ගිය බවත් ඉදිරියේ දී එල්නීනෝ ලානීනා තත්ත්වය වැනි දේශගුණික විපර්යාස කාලගුණ විපර්යාස බහුල විය හැකි බවත් මේ එල්නීනෝ නිසා දිස්ත්‍රික් ගණනාවක නියගයක් නිර්මාණය වී ඇති බවත් ලානීනා තත්ත්වය තුළ විශාල වර්ෂාවක් ලැබී ගංවතුර පවා ඇතිවිය හැකි බවට උපකල්පනය කරන බවත් එබැවින් මීට වඩා ක්‍රමවත් කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

https://we.tl/t-sff5cH40Fc32auLS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම...

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img