විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් එහි සඳහන් නොකොට ඇති බවත් මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරනවා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(28) සවස් කාලයේ පැවති මාධ්‍ය හමුවකදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදී කරුණු ගණනාවක්ම මතු කරා. ඒවා ඉතා බරපතළ කරුණු බව අප එකින් එක පෙන්වා දීතිබෙනවා.
මෙම පනත් කෙටුම්පතේ දීර්ඝ නාමය විස්තර කරල තියෙන්න ඕන මූලික කාරණයක් විදිහට.දීර්ඝ නාමය විස්තර කරන විට මෙම ක්‍රියාවලිය කවද ඉඳන්ද පටන් ගන්නේ කියලා පැහැදිලිව සඳහන් විය යුතුයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම පනතේ අඩංගු කාරණා කවද ඉඳන්ද ක්‍රියාත්මක විය යුත්තේ කියලා පැහැදිලිව සඳහන් විය යුතුයි. නමුත් මෙම සංශෝධනයේ එහෙම සඳහන් වීමක් නැහැ.
පනතෙන් සම්මත කරන නීතිය කවද ඉඳන්ද ක්‍රියාත්මක විය යුත්තේ කියලා සඳහන් විය යුතුයි.එහෙම සඳහන් වීමක් නොවන නිසා මෙය විශාල අර්බුදයක් බවට එක පැත්තකින් පත් වී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූ දෙවැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා, යම් පනත් කෙටුම්පතක් එහි දීර්ඝ නාමය විස්තර නොකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න බැහැ කියලා.මේ අනුව
මූලික වශයෙන් මුල සිටම මෙම පනත ගෙන ඒමම සම්පූර්ණයෙන්ම වැරදියි.ඒ නිසා මම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මතු කළා.ඒ අනුව මුල සිට යළි මෙය ගැසට් කරලා යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.ඒ නිසා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම මුල සිටම වැරදියි කියන තර්කය තමයි මෙම කාරණා අනුව අපි මතු කරන්නේ .
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දු මීට පෙර දීපු අවස්ථා තියෙනවා. ඒවායේ කියලා තියෙනවා පැහැදිලිවම මෙම කාරණා ජන මත විචාරණයකට ලක් නොකොට කළ නොහැකියි කියලා.
ජන මත විචාරණයක් අනවශ්‍ය නම් වහාම විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අකුලා අකුල ගන්න කියලයි අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ.






















