Tuesday, October 27, 2026
HomeNEWS22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් එහි සඳහන් නොකොට ඇති බවත් මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(28) සවස් කාලයේ පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදී කරුණු ගණනාවක්ම මතු කරා. ඒවා ඉතා බරපතළ කරුණු බව අප එකින් එක පෙන්වා දීතිබෙනවා.
මෙම පනත් කෙටුම්පතේ දීර්ඝ නාමය විස්තර කරල තියෙන්න ඕන මූලික කාරණයක් විදිහට.දීර්ඝ නාමය විස්තර කරන විට මෙම ක්‍රියාවලිය කවද ඉඳන්ද පටන් ගන්නේ කියලා පැහැදිලිව සඳහන් විය යුතුයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම පනතේ අඩංගු කාරණා කවද ඉඳන්ද ක්‍රියාත්මක විය යුත්තේ කියලා පැහැදිලිව සඳහන් විය යුතුයි. නමුත් මෙම සංශෝධනයේ එහෙම සඳහන් වීමක් නැහැ.
පනතෙන් සම්මත කරන නීතිය කවද ඉඳන්ද ක්‍රියාත්මක විය යුත්තේ කියලා සඳහන් විය යුතුයි.එහෙම සඳහන් වීමක් නොවන නිසා මෙය විශාල අර්බුදයක් බවට එක පැත්තකින් පත් වී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූ දෙවැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා, යම් පනත් කෙටුම්පතක් එහි දීර්ඝ නාමය විස්තර නොකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න බැහැ කියලා.මේ අනුව
මූලික වශයෙන් මුල සිටම මෙම පනත ගෙන ඒමම සම්පූර්ණයෙන්ම වැරදියි.ඒ නිසා මම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මතු කළා.ඒ අනුව මුල සිට යළි මෙය ගැසට් කරලා යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.ඒ නිසා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම මුල සිටම වැරදියි කියන තර්කය තමයි මෙම කාරණා අනුව අපි මතු කරන්නේ .

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දු මීට පෙර දීපු අවස්ථා තියෙනවා. ඒවායේ කියලා තියෙනවා පැහැදිලිවම මෙම කාරණා ජන මත විචාරණයකට ලක් නොකොට කළ නොහැකියි කියලා.
ජන මත විචාරණයක් අනවශ්‍ය නම් වහාම විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අකුලා අකුල ගන්න කියලයි අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img