Wednesday, October 28, 2026
HomeNEWS22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි.

මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී ඒ්කාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණයට සහභාගී වූ ජනතාවය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක, එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු පා.ම සමන් රතනප්‍රිය යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් උද්ඝෝෂණය‌ට නායකත්වය දුන් අතර ඊට විශාල පිරිසක් සහභාගීව සිටියහ.

“ජනතා පරමාධිපත්‍ය සුරකිනු!, ඡන්ද අයිතියට අත නොතබනු!, 22ට ජනමත විචාරණයක් ලබාදෙනු!, ජන මතයට හිස නමනු!, අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු!” ආදි සටන් පාඨ ලියු පුවරු උද්ඝෝෂකයෝ අත වූහ.

පැය බාගයකට ආසන්න කාලයක් සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වූ පිරිස විසිර ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img