22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලෙස මහපාරට බැස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඒකාධිපති වියරුව පරාජය කර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කර ගරු අධිකරණය රැකගන්න සුරක්ෂිත කරන්න මහපාරට ආ බවත් 22 වැනි සංශෝධනය තුළ ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන මාලිමා රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය යුක්තිය පසිදලීම විනාශ කරන බවත් රටට ඇති එකම විකල්පය ලෙස සමගි ජන බලවේගය මේ දුර්දාන්ත 22 සංශෝධනය පරාජය කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි හැමදේම එදත් අදත් හෙටත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද කොළඹ කොටුවේදී සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී විරෝධතාව අමතමිනි
මේ වන විට දුප්පත්කම වැඩි වී බඩු මිල වැඩි වී විරැකියාව වැඩි වී ඇති බවත් ඇගලුම් කම්හල් 200 වැඩසටහන අකර්මන්‍ය වී කර්මාන්ත ශාලා වැසී යන බවත් දුප්පත්කම නැති කරව්න රජයට විසදුම් නැති බවත් රජයට අවශ්‍ය ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන බවත් එක පක්ෂයකට බලය ලබා ගන්න ඒකාධිපති වියරුව හරහා ගෙන ආ මේ 22 වැනි සංශෝධනය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ දුර්දාන්ත පාලනය පරාජය කළ යුතුයි
පාර්ලිමේන්තුවේ බහුතරය තියන් දිනන්න පුලුවන් කියා මේ රජය සිතන බවත් බලශක්ති ඇමතිට විදුලි බල ඇමතිට ගෙන ආ විශ්වාසභංගයෙන් සජබ පරාජය වුවත් අවසානයේ ඇමතිට හා ලේකම්ට ගෙදර යන්න වු බවත් ඒ ආකාරයට මේ දුර්දාන්ත පාලනය පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හැමදාම අපි හිටියේ නිවැරදි තැනයි
මෙරට අධිකරණය ගැන නිවැරදි තැනේ හිටියේ සමගි ජන බලවේගය බවත් ශිරානි බණ්ඩාරනායක ගරු අගවිනිසුරුතුමියගේ ගැටලුවේ සිට පසුගිය රජය විනිසුරුවන් වරප්‍රසාද කමිටුවට ගෙන ඒමට පවා විරුද්ධව කටයුතු කළේ සජබ බවත් 17, 18, 19, 20, 21ට අත උස්සපු අය සජබේ නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජනපති ගොවි පුතෙක් නම් වී සදහා හොඳ මිලක් දෙන්න
ජනාධිපතිවරයා ගොවි පුතෙක් නම් ගොවියාට සාධාරණ මිලක් ලබා දී බඩු මිල පහත දමන ලෙසත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ඒක පක්ෂ දේශපාලනය පරාජය කළ යුතුයි
වතු ජනතාවට නිවාස දුන්නට මේ රජය තිරිගු පිටි මිල පවා වැඩි කර ජනතාව අසරණ කළ බවත් මේ ඒක පක්ෂ දේශපාලනය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
























