Tuesday, September 22, 2026
HomeNEWSවෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමකදි ඔහු පැවසුවේ ලද තොරතුරකට අනුව අදාළ මෝටර් රථයට ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේදි නැවත්වීමට උත්සාහ කළ ද, එම රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පසුපස ලුහුබැද ගොස් පන්නල ප්‍රදේශයේදි මාර්ගය හරස් කර එම රථය නවත්වා ගත් බවයි.

එම අවස්ථාවේදි රථය පැදවූ පුද්ගලයාට මෝටර් රථයෙන් පිටතට බසින ලෙසට අණකළ ද ඔහු එය ප්‍රතික්ෂේප කර පලායාමට උත්සාහ කළ අවස්ථාවේදි රථයේ පිටුපස ටයරයට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා ඇත.

ඉන් පසුවද මෝටර් රථයෙන් පිටතට පැමිණීමට ඔහු අකමැත්ත පලකිරීම නිසා පොලිස් නිලධාරීන් විසින් රථයේ වීදුරුවක් බිද දොර විවෘත කර තිබේ.

එම අවස්ථාවේදි මෝටර් රථයේ පිටුපස සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ රථය පැදවූ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රථය සෝදිසි කළ අවස්ථාවේ එහි තිබී හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

අත්අඩංගුවට පුද්ගලයින් හෙට (23) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img