Wednesday, September 23, 2026
HomeNEWSඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද? මිල සංශෝධනයක්ද?

ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද? මිල සංශෝධනයක්ද?

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල අනෙකුත් ඉන්ධන වෙළෙඳ සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් දක්නට ලැබුණු බවය.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ සියලුම ඉන්ධන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවද සභාපතිවරයා සඳහන් කළේය.

එහිදී එම සමාගම් තමන්ට සිදුවන පාඩු පිළිබඳව රජයට දැනුම් දී ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක් පෙන්වා ඇති අතර, Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් පෙන්වා තිබේ.

IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, රජයට ජාතික වගකීමක් පැවරී තිබුණද, අනෙකුත් සමාගම් ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන බැවින් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවය.

එම සමාගම් සමඟ අත්සන් කර ඇති ගිවිසුම් අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම්, එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බවද ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

ඒ අනුව, එම සමාගම්වලට පාඩුවක් නොවන පරිදි ඔවුන්ට ඉන්ධන අලෙවි කිරීමට ඉඩ ලබාදීම හෝ රජය මැදිහත්වී සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img