Thursday, September 24, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, IMF සහාය යටතේ ක්‍රියාත්මක වැඩසටහන සහ වර්තමාන විස්තීරණ අරමුදල් පහසුකම් හෙවත් EFF වැඩසටහනෙන් ඔබ්බට රටේ ආර්ථික දැක්ම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

විශේෂයෙන් 2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී රටේ බාහිර අංශය, විදේශ විනිමය සංචිත, ණය තිරසාරභාවය, රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ ආර්ථික වර්ධනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

වත්මන් EFF වැඩසටහන අවසන් වන විට ශ්‍රී ලංකාව ළඟා විය යුතු ආර්ථික තත්ත්වයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සහ ආර්ථික ගැලපීම් හේතුවෙන් වැඩ කරන ජනතාව සහ අවදානමට ලක්විය හැකි පවුල් මත අසමානුපාතික බරක් පැටවිය යුතු නොවන බව විපක්ෂ නායකවරයා IMF නියෝජිතයන් හමුවේ අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම පවුල් සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ආර්ථික තත්ත්වයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔහු ඉල්ලා ඇති බව සඳහන්.

IMF සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය මැනිය යුත්තේ සාර්ව ආර්ථික දර්ශකවලින් පමණක් නොව, එහි බලපෑම ගෘහස්ථ, පුද්ගල සහ ව්‍යාපාරික මට්ටමින්ද සලකා බලමින් බවද විපක්ෂනායකවරයා පෙන්වා දී තිබෙනවා.

දරිද්‍රතාව, භාණ්ඩවල මිල, උද්ධමනය සහ ගෘහාශ්‍රිත ආදායම් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ආර්ථික ස්ථායිකරණයෙන් පසු වැඩි ආයෝජන, රැකියා අවස්ථා සහ ගෘහ ආදායම් වර්ධනයක් සහිත තිරසාර ආර්ථික වර්ධනයක් කරා රට ගමන් කළ යුතු බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබෙනවා.

2027 මාර්තු මාසයෙන් ඔබ්බට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගනිමින් අනාගත බාහිර ආර්ථික කම්පනවලට මුහුණදීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විශ්වසනීය ආර්ථික රාමුවක් වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම වත්මන් EFF වැඩසටහනෙන් පසු ශ්‍රී ලංකාවට අනුප්‍රාප්තික මූල්‍ය වැඩසටහනක් අවශ්‍ය වන්නේද යන්න තීරණය කරන ආර්ථික තත්ත්වයන් සහ දර්ශක පිළිබඳවද විපක්ෂ නායකවරයා IMF නියෝජිතයන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව සඳහන්.

IMF වැඩසටහන යටතේ එහි 7 වැනි සමාලෝචනය 2026 ඔක්තෝබර් මාසයටත්, 8 වැනි සමාලෝචනය 2027 මාර්තු මාසයටත් සැලසුම් කර ඇති බවද මෙහිදී සඳහන් වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට IMF දූත පිරිස සමඟ සමගි ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img