චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ
ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනාවකට අනුවයි.
චීන ජනපති ආර්යාව සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික ත්සායි ඡි මහතා, විදේශ ඇමති වං යී මහතා ඇතුළු පිරිසක් චීන ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටිනවා.






















