Friday, September 25, 2026
HomeNEWSහෘදය ශාක්ෂියට එකඟව ඡන්දය දිය නොහැකිනම් වැලකී සිටින්න-දිනන දකුණ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්...

හෘදය ශාක්ෂියට එකඟව ඡන්දය දිය නොහැකිනම් වැලකී සිටින්න-දිනන දකුණ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

හෘදය ශාක්ෂියට එකඟව ඡන්දය දිය නොහැකිනම් වැලකී සිටින්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා අද පස්වරුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම හෘදය සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස දිනන දකුණ සාමූහිකය ඉල්ලා සිටින්නෙමු.

මෙම සංශෝධනය සම්මත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ තීරණාත්මක සැබෑ සහ අතිශය දැවැන්ත වගකීම පාර්ලිමේන්තුවට මෙන්ම ඡන්දය ලබාදෙන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති අත්හළ නොහැකි වගකීමකි.

ජනතා විශ්වාසය දිනාගත හැක්කේ ඇත්ත අවංකභාවය තුළිනි.ව්‍යාජ මවාපෑම තේරුම් ගන්නා මොහොතේ සිට ජනතා විශ්වාසය බිඳ වැටෙනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි,
ඔබට හෘදය සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි නම් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය-අග්‍රාමාත්‍යතුමිය

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමිය කියයි ඉදිරි අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට්...

චීන-ඇමරිකා ජනපතිවරුන් අතර ඓතිහාසික සාකච්ඡාවක්

චීන-ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ඇමරිකාවේ වේලාවෙන් ඊයේ(24) පෙරවරුවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img