Friday, September 25, 2026
HomeNEWSචීන-ඇමරිකා ජනපතිවරුන් අතර ඓතිහාසික සාකච්ඡාවක්

චීන-ඇමරිකා ජනපතිවරුන් අතර ඓතිහාසික සාකච්ඡාවක්

චීන-ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ඇමරිකාවේ වේලාවෙන් ඊයේ(24) පෙරවරුවේ ධවල මන්දිරයේදී.

‘චීන-ඇමරිකා සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය’ යන නව අර්ථ දැක්වීම, දෙරට සම්බන්ධතාවයේ සැබෑ තත්ත්වයට මෙන්ම අනාගතය කෙරෙහි වැදගත් වන බව එහිදී චීන ජනාධිපතිවරයා පැවසුවා. එය දෙරට අන්‍යෝන්‍ය වශයෙන් විධිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ මාර්ගය වෙත ගමන් කිරීමේ වැදගත් පියවරක් බව ද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.  දෙපාර්ශ්වය එම අපේක්ෂාව ක්‍රියාවට නංවමින් චීනය හා ඇමරිකාව අතර වඩාත් ස්ථාවර, විධිමත්, තිරසර අනාතයක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු යැයි ද ඔහු ප්‍රකාශ කළා.

ඇමරිකාව ‘තායිවාන බෙදුම්වාදීන්ට’ විරුද්ධ වීමේ සිය නිවැරදි ක්‍රියාකලාපයේ එල්බ සිටිමින් තායිවාන ප්‍රදේශයට අදාළ ගැටලු සුපරීක්ෂාකාරීව පාලනය කරනු ඇතැයි චීනයේ බලාපොරොත්තුවයි. එසේම චීන-ඇමරිකා උපායමාර්ගික සහයෝගීතා හා දෙරට සම්බන්ධතාවය වෙනුවෙන් ස්ථිර පදනමක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර ජනපති ට්‍රම්ප් පැවසුවේ 2016 දී ජනාධිපති ධුරයට තේරී පත් වූ පළමු සමයේ සිට, ජනාධිපති ෂී ජින්පිං මහතා සමග ශක්තිමත් මිත්‍රත්වයක් පවත්වා ගෙන ඇති බවයි. චීන ජනාධිපතිවරයා සහ ආර්‍යාවගේ පැමිණීම සාදරයෙන් පිළිළිගන්නා බව නැවත ප්‍රකාශ කළ ට්‍රම්ප් මහතා, චීනය හා ඇමරිකාව යන දෙරටට ම වඩාත් හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති ෂී සමග අත්වැල් බැඳගෙ කටයුතු කිරීමට සූදානම් බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය-අග්‍රාමාත්‍යතුමිය

ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමිය කියයි ඉදිරි අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට්...

හෘදය ශාක්ෂියට එකඟව ඡන්දය දිය නොහැකිනම් වැලකී සිටින්න-දිනන දකුණ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

හෘදය ශාක්ෂියට එකඟව ඡන්දය දිය නොහැකිනම් වැලකී සිටින්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා අද පස්වරුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img