Tuesday, October 27, 2026
HomeNEWSනඩු ලක්ෂ 11ක් ප්‍රමාද වීම ගැන සොයන්න ඉල්ලා සිටි තේරීම් කාරක සභාව...

නඩු ලක්ෂ 11ක් ප්‍රමාද වීම ගැන සොයන්න ඉල්ලා සිටි තේරීම් කාරක සභාව ලබා නොදෙන්නේ ඇයි? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

අධිකරණයේ නඩු ලක්ෂ 11ක් ප්‍රමාද වීම ගැන සොයන්න ඉල්ලා සිටි තේරීම් කාරක සභාව ලබා නොදෙන්නේ ඇයි? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ප්‍රශ්න කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදයේ ජනතා පරමාධිපත්‍ය, ජනතා සෛරීත්වය ක්‍රියාත්මක වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය තුළින් බවත් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ කොටසක් වන අධිකරණ ක්‍රියාවලියේ නඩු 11 ලක්ෂයක් ප්‍රමාද වී ඇති බවත් එය රටට හෙළිදරව් කළේ තමා ඇසූ ප්‍රශ්නයකට බවත් මෙවැනි 11 ලක්ෂයක් නඩු ප්‍රමාද වී ඇති මොහොතේ අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව, ස්වාධීනත්වය සේම අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතු ආකාරය, යෝජනා අදහස් විනිවිදභාවය හා පාරිදෘෂ්‍යභාවය වගකීම හා වගවීම ගැන ජනතා පරමාධිපත්‍ය යන විෂය යටතේ තේරීම් කාරක සභාවක් ඉල්ලා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ තේරීම් කාරක සභාව ලබා දීම ගැන කතානායකවරයාගේ අභිමතය අභියෝගයට ලක් නොකරන නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය යන්න ලබා නොදෙන්න කතානායකවරයාට අයිතියක් නොමැති බවත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ සැමටම සමාන ලෙස සැලකිය යුතු බවට සඳහන් නිසා කතානායකවරයා ලෙස අභිමතය පරිදි කටයුතු කරන්න නිදහස තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img