Sunday, November 15, 2026
HomeNEWSLatest Newsබලයට පත්වෙන ආණ්ඩුවලට ඕනෑ විදියට සංවර්ධන ව්‍යාපෘති අඩාල නොවිය යුතුයි…….

බලයට පත්වෙන ආණ්ඩුවලට ඕනෑ විදියට සංවර්ධන ව්‍යාපෘති අඩාල නොවිය යුතුයි…….

ජනතා හිතවාදී සංවර්ධන ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට ගෙනයාම බලයට පත්වන ඕනෑම රජයක වගකීමක් බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනතා කැමැත්ත අනුව ආණ්ඩු බලයට පත්වීම හා ආණ්ඩු පෙරලීම සාමාන්‍ය තත්වයක් වුවද ජනතා මුදල් යොදවා  සිදු කෙරෙන ව්‍යාපෘති  අඩාල කිරීම බලයට පත්වන රජයන් විසින් නොකළ යුතු බව අද (2020.07.18) පෙරවරුවේ කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේ පැවති හමුවෙදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වරාය නගර ව්‍යාපෘතිය අතරමඟ නතර කර දමා එම ව්‍යාපෘතිය ආරම්භ කළ අයගෙන් පළිගැනීමට යහපාලන රජය දැරූ උත්සාහයේ අවසාන ප්‍රතිඵලය ලෙස තවත් ඉඩම් අක්කර ගණනාවක් රජයට අහිමි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අවසානයේ යහපාලන රජය පලිගෙන ඇත්තේ ජනතාවගෙන්ම බවයි.

රටක් දියුණු කිරීමට නම් විදුලිය, ජලය, මහාමාර්ග වැනි යටිතල පහසුකම්  වැඩිදියුණු කිරීමට ප්‍රමුඛතාව ලබා යුතු බව හඳුනාගත් සිය රජය ඒ සඳහා ප්‍රමුඛතාවය දුන්නේ සේවය සඳහා කොළඹට ඇදෙන පිරිස් සීමාකර ගම් පළාත්වලම රැකියා අවස්ථා බිහි කිරීමේ අරමුණෙන් බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අවසානයේ යහපාලන රජය සමයේ සිදුවූයේ රට සංවර්ධනය නොවී වසර පහක් රට ආපස්සට යාමක් යැයි ද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රට සංවර්ධනය කරා ගෙන යමින්  ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමේ බැරෑරුම් කාර්යයට ඉදිරියේ බලයට පත්වන සිය රජය සවිමත්ව මුහුණදීමට සූදානම් බවද වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img