• අධිකරණ අමාත්යවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක…
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (16) බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී විෂ මත්ද්රව්ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්රියාවලිය සහ එහි වත්මන් ප්රගතිය පිළිබඳව අමාත්යවරයා සෘජුවම නිරීක්ෂණය කළේය. එම කටයුතුවලට සම්බන්ධව රසායනාගාරවල සේවයකරන නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්යවරයා, වාර්තා කඩිනමින් නිකුත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ ඒ සඳහා පවතින පහසුකම් පිළිබඳවද සොයා බැලීය.
රස පරීක්ෂක වාර්තා පරිගණකගත කිරීමේ ක්රියාවලිය පිළිබඳව ද සොයා බැලූ අමාත්යවරයා අවධාරණය කළේ, තමන්ට හැකි උපරිමයෙන් වගකීම් ඉටු කිරීම තුළින් අපේක්ෂිත ප්රතිඵල ලබාගත හැකි බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනාගේ කැපවීම අත්යවශ්ය බවත්ය.
අධිකරණ කටයුතු කඩිනම් කිරීමේදී මෙන්ම බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ සංඛ්යාව අවම කිරීමේදීද රස පරීක්ෂක වාර්තා නියමිත කාලසීමාව තුළ ලබාදීම තීරණාත්මක සාධකයකි. පසුගිය කාලයේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති තනතුරු පුරප්පාඩු සහ අවශ්ය පහසුකම්වල සීමාවන් හේතුවෙන් වාර්තා නිකුත් කිරීමේ බරපතල ප්රමාදයන් ඇති වී තිබිණි.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව එම ගැටලු හඳුනාගෙන, තනතුරු පුරප්පාඩු සම්පූර්ණ සහ අවශ්ය පහසුකම් සැපයීම සහ රාත්රී කාලයේ අමතර සේවාවන් වල නිරත නිලධාරීන් සඳහා දීමනා ලබාදීම ඇතුළු පියවර ගෙන ඇති අතර, එමඟින් රස පරීක්ෂක වාර්තා ලබාදීම වේගවත් කිරීම සඳහා අවශ්ය පසුබිම සකස් කර තිබේ.
රස පරික්ෂක වාර්තා කඩිනමින් ලබාදීමේ කාර්යය සඳහා කැපවී කටයුතු කරන නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කළ අමාත්යවරයා, රාජකාරි ඉටු කිරීමේදී මතුවන බාධා සහ දුෂ්කරතා පිළිබඳව තමා වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි අමාත්යවරයා ඒ සඳහා අවශ්ය උපරිම මැදිහත්වීම සිදුකරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙතෙක් ගොඩගැසී තිබූ වාර්තා ලබාදීම කඩිනම් කිරීමේ විශේෂ වැඩසටහන යටතේ විෂ මත්ද්රව්ය ග්රෑම් 5ට අඩු ප්රමාණයන් සම්බන්ධව දෙපාර්තමේන්තුව වෙත 2026 අගෝස්තු මාසය දක්වා ලැබී ඇති සාම්පලවලට අදාළ රස පරීක්ෂක වාර්තා නිකුත් කර අවසන් කර ඇති බව මෙහිදී අනාවරණය විය. ඉතිරි වාර්තා නිකුත් කිරීමේ කටයුතුද වේගවත් කර තිබේ.
තවද, ලබන 2027 වසරේ ජනවාරි 31 වන විට අපේක්ෂිත ඉලක්ක සපුරාලමින්, රස පරීක්ෂක වාර්තා ලබාදීමේ කාලය මාස තුනක් දක්වා අඩු කරගත හැකි වන පරිදි අවශ්ය ක්රියාමාර්ග සහ යාන්ත්රණය මේ වන විට සකස් කර ඇති බවද අමාත්යවරයා පැවසීය.
රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්ය උපදෙස් ලබාදීමත්, පවතින ප්රගතිය සෘජුවම සොයා බැලීමත් මෙම නිරීක්ෂණ චාරිකාවේදී සිදු විය.
වැඩබලන රජයේ රස පරීක්ෂක කාමිණී පෙරේරා මහත්මිය ඇතුළු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්ය ඒකකය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය.
To: News Editor / Director
• Minister of Justice inspects the Government Analyst’s Department…
Hon. Minister of Justice and National Integration, Attorney-at-Law Harshana Nanayakkara, engaged in an inspection tour of the Government Analyst’s Department in Battaramulla yesterday (16).
During the visit, the Minister directly observed the process and current progress of issuing analyst reports related to narcotic substances. Inquiring from the officials working in the laboratories concerning these operations, the Minister looked into the measures taken for the prompt issuance of reports as well as the available facilities.
Having also inspected the process of computerizing analyst reports, the Minister emphasized that expected results can be achieved by fulfilling responsibilities to the best of one’s ability, and that the dedication of everyone is essential toward this end.
In expediting judicial proceedings as well as minimizing the number of inmates held in prisons, delivering analyst reports within the stipulated timeframe is a critical factor. In the past, due to existing vacancies and limitations in facilities at the Government Analyst’s Department, severe delays had occurred in issuing reports. Following the assumption of power by the current government, these issues were identified, and steps have been taken including filling vacant posts, providing necessary facilities, and granting allowances for officers engaged in nighttime duties, thereby establishing the necessary background to accelerate the issuance of analyst reports.
Expressing his gratitude to the officials dedicated to the task of promptly providing analyst reports, the Minister requested that any obstacles and difficulties encountered in the line of duty be communicated to him, further stating that maximum intervention would be provided to address them.
It was revealed during the visit that, under the special program to expedite the issuance of hitherto accumulated reports, the Government Analyst’s Department has completed issuing analyst reports pertaining to samples received up to August 2026 for narcotic substance quantities under 5 grams. The work on issuing the remaining reports has also been accelerated.
Furthermore, the Minister stated that necessary measures and mechanisms have now been put in place to achieve the anticipated targets by January 31, 2027, enabling the timeframe for issuing analyst reports to be reduced to three months.
Giving necessary instructions to maintain the issuance of analyst reports in a more systematic and efficient manner, as well as directly reviewing ongoing progress, were carried out during this inspection tour.
Acting Government Analyst Mrs. Kamini Perera, along with a group of officials from the Government Analyst’s Department, participated in this occasion.
Media Unit
Ministry of Justice and National Integration






















