වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අවම වශයෙන් ශ්රී ලාංකික මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුවත් මේ සම්බන්ධයෙන් කතා නොකිරීම බරපතල අඩුපාඩුවක් බවයි.
ෂිරාස් යුණුස් මහතා මේ බව ප්රකාශ කළේ මෙරට පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය විසින් පසුගියදා සංවිධානයකරන ලද කාශ්මීර දිනය සැමරීමේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ෂිරාෂ් යුණුස් මහතා මෙසේද ප්රකාශ කළේය.
කාශ්මීරය පිළිබඳව අවුරුදු හැත්තෑ නමයක් තිස්සේ කතා වෙනවා.1947 දී පාකිස්තානය හා ඉන්දියාව කියන රටවල් දෙක හැදුනා.1947 අගෝස්තු 14වෙනදා පාකිස්ථානය හැදුනා. අගෝස්තු 15වෙනිදා ඉන්දියාව හැදුනා.
කාශ්මීරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මත තුනක් තිබුණා.
කාශ්මීරය පාකිස්ථානයට එක් කර ගන්න ඕන කියල මතයක් තිබුණා. ඒ වගේම කාශ්මීරය ඉන්දියාවට එක් කරගන්න ඕන කියලා මතයකුත් තිබුණා. ඒ වගේම ජනමත විචාරණයක් පවත්වලා කාශ්මීරය ස්වාධීනව තබා ගත යුතුයි කියන මතයකුත් තිබුණා.
නමුත් අවුරුදු හැත්තෑ නමයක් වෙනවා කාශ්මීරය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.නමුත් ඒ අතර තුර නැගෙනහිර ටීමෝරය හැදුනා.ඒ අතරතුර රොඩේෂියාව,දකුණු සුඩානය ඇතුළු තවත් අලුත් රටවල් හැදුනා.නමුත් කාශ්මීරය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.
අපේ රටේ ශ්රී ලාංකික මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්රීවරු වේවා, පළාත් සභා මන්ත්රීවරු වේවා කිසිම කෙනෙක් එක වචනයක්වත් කාශ්මීරය ගැන කතා කරලා නැහැ.
කිලෝමීටර් දහස් ගණනක් ඈත තියෙන පලස්තීනය ගැන අපි කතා කරනවා. නමුත් අසල්වාසී ඉන්දියාව ගැන කතා කරන්නේ නෑ. ඇයි අපි බයද? අප්සෙට්ද?
මං අපේ මාධ්ය ගැනත් යමක් කතා කරන්න කැමතියි. කාශ්මීරය ගැන එක වචනයක්වත් අපේ මාධ්යවලත් කතා වෙන්නේ නෑ. ඒ ගැන මට කණගාටුයි.
පලස්තීනය ගැන මාධ්ය වාර්තා කරනවා. නැගෙනහිර ටීමෝරය ගැන මාධ්ය වාර්තා කරනවා.වියට්නාමය, සිරියාව ඇතුළු රටවල් ගැන වාර්තා කරනවා. නමුත් කාශ්මීරය ගැන එක වචනයක්වත් මාධ්යවල වාර්තා වන්නේ නැහැ.
ඉන්දියාවෙන් බලපෑම් එල්ල වන නිසාද කාශ්මීරය ගැන වාර්තා කරන්නේ නැත්තේ? කතා කරන්නේ නැත්තේ?
බලපෑම් අවුරුදු තිහක් තිස්සේ තියෙනවා. තාමත් තියෙනවා. නමුත් ඇයි අපි බලපෑම්වලට යටත්වෙන්නේ.
ඒවගේම ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන කිසිම පාර්ලිමේන්තු මන්ත්රීවරයකු කාශ්මීරය ගැන වචනයක්වත් කතා කරලා නැහැ.ඒ ඇයි කියලා මම ප්රශ්න කරනවා.
අපේ රටේ අවුරුදු තිහක යුද්ධයක් තිබුණා.ඒ වෙලාවේ අපට පාකිස්ථානය, ඉරානය උදව් කළ බව හැමෝම දන්නවා.
අද පාකිස්ථානය නැත්නම් කාශ්මීය ඉතුරු වෙන්නේේ නැහැ.ඒවාගේම ඉරානය නැත්නම් පලස්තීනයක් අද ඉතුරු වෙන්නෙත් නැහැ.
ඒ නිසා කාශ්මීරය ගැන අවධානය යොමු කරන්න කියලා ආණ්ඩු පක්ෂයෙන්, විරුද්ධ පක්ෂයෙන් වාගේම මේ රටේ මාධ්යයෙනුත් මම ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා.






















