Sunday, November 1, 2026
HomeNEWSආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට එරෙහිව සමාජවාදී තරුණ සංගමය (30දා) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

දේශපාලනිකව අනාථ වුණ කණ්ඩායම් ජාතිවාදය , ආගම්වාදය අවුස්සන්න පටන් අරන් – සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා

එහිදී අදහස් දක්වමින් සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා,

“මේ වෙද්දි විපක්ෂයේ දේශපාලනිකව අනාථ වුන කණ්ඩායම් විසින් නැවතත් මේ රටේ ආගම්වාදය ජාතිවාදය අවුස්සමින් හඬ නගන්න පටන් අරන් තියෙනවා.
මේ හඬ නැගීම ඇතිවෙන්නෙ කාගෙන්ද? ජනතාවගෙන් මේ වෙලාවේ ඒ වගේ හඬක් ඇහෙන්නෙ නෑ. තමන්ගේ අහිමි වුණ දේශපාලන වරප්‍රසාද සහිත ජීවිතය ගැන ඒ අයට වේදනාවක් තියෙනවා.

අපි හැමදාම රටේ ආගමික නිදහස ජාතික සමඟියා අගය කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපි අපේ භාවිතාව තුළත් ඒ බව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එහෙම දේශපාලන ව්‍යාපාරයක් නියෝජනය කරන තරුණ දේශපාලන සංවිධානයක් විදිහට අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ.
ඒ අයට දැන් ආර්ථිකය සම්බන්ධයෙන් කියන්න දෙයක් නෑ නෑ. ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කියන්න බෑ අද වෙද්දි ආසියාවෙත් ලෝකය තුළත් ලංකාව වේගයෙන් ඉතා හොඳ තත්ත්වයකට පැමිණ සිටිනවා.

මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආණ්ඩුව ගෙන යන ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙල අධෛර්යමත් කරන්න තමයි මේ වෙලාවෙදි මේ වගේ විපක්ෂයේ බංකොලොත් වෙච්ච කණ්ඩායම් මෙහෙම ප්‍රකාශ ඉදිරිපත් කරන්න.
විමල් වීරවංශලා දයාසිරි ජයසේකරලා උදේ ගම්මං පිළලා කියන්නේ ඇත්තටම මේ රටට ආදරේ කරපු අයද? ගම්මන්පිල කියන්නේ සමාජය හඳුනාගෙන තිබුණ කෙනෙක් නෙවෙයි. ඒ කාලේ හෙළ උරුමය ගොඩනැගීමේදී භික්ෂූන් වහන්සේලා පෙරටු කරගෙන ඒ පාරෙන් දේශපාලනයට ආපු කෙනෙක්. එහෙම ඇවිල්ලත් ඊට පස්සේ ඒ හාමුදුරුවරුන්ට බණ ටික කියාගන්නවත් බැරි තත්ත්වයට පත් කරලා, දේශපාලනය කරපු කෙනෙක් තමයි ගම්මන්පිල කියන්නෙ.
ගම්මන්පිලලා බලයේ ඉන්නකොට ආගමික සංස්ථාව ආරක්ෂා කරන්න මොනවද කළේ? ගම්මන්පිල කියන්නෙ කවදාවත් ඇත්ත බෛද්ධයෙක් නෙමෙයි. ගම්මන්පිල කියන්නෙ වංචනිකයෙක්. බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් කියන , ජරාජීරණ දේශපාලනයක් කරපු කෙනෙක්.
අද බොරුවට සුදු සළුපිළි ඇඳගෙන ඇවිත් කතා කරන කළු චරිත. ගම්මන්පිල කියනවා අනුර කුමාර ජනාධිපතිතුමා මිනීමැරුම් චෝදනා තියෙන අයට, ස්ත්‍රී දූෂකයන්ට ජනාධිපති සමාව දුන්නට ඥානසාර හිමිට සමාව දෙන්න කැමති නෑ කියලා. කවුද මිනීමැරුම් චෝදනා තියෙන අයට, ස්ත්‍රී දූෂකයන්ට ජනාධිපති සමාව දුන්නේ? එයාලා පත් කරපු ජනාධිපතිවරු තමයි එහෙම සමාව දුන්නෙ. රනිල් වික්‍රමසිංහ දික්කසාද නඩුවක නඩත්තු ගෙවන්නෙ නැතුව හිරේ ගිය කෙනෙක්ට වැරදි විදියට දුන්න ජනාධිපති සමාවක් අන්න දැන් ආපහු අභියෝගයට ලක් වෙලා තියෙනවා.
ඥානසාර හිමිට මෛත්‍රීපාල සිරිසේන වැරදියට දුන්න ජනාධිපති සමාවක් තමයි දැන් නැවත අභියෝගයට ලක් වුණේ.
අනුරාධපුරේ පූජා නගරයේ සිද්ධිය මොකක්ද? 2004 වසරේ දී තමයි හොයාගෙන තියෙන්නේ අනුරාධපුර නගරයට භූගතව තවත් නගරයක් තියෙනවා කියන එක. ඒ වගේම පූජා නගරයට වන සතුන්ගෙන් සිදු වන හානි නිසා ඒ වටා වැටක් ඉඳි කරන්න කියන ඉල්ලීම අටමස්ථානාධිපති හිමියන් විසින් කරපු ඉල්ලීමක්. ඒ වැට දැනටමත් ඉඳි කරලා අවසන්. එය තවත් ස්වභාවික පරිසරයට ගැලපෙන ලෙස නිම කරන්න තමයි මේ චක්‍රලේඛය එන්නෙ.
පූජා නගරයේ අධි සංවේදී කලාපය, සංවේදී කලාපය සහ පොදු සේවා කලාපය කියලා කොටස් තුනක් තියෙනවා. දයාසිරි කියනවා පොදු සේවා කලාපයේ තැබෑරුම්, සූදු පොළවල් දාන්න හදනවා කියලා. මොකක් ද මේ සිද්ධ වෙන්නෙ? පූජා නගරය අවට ජනතාවට වැසිකිළි වලක්වත් කපාගන්න බෑ. පුරාවිද්‍යා එකෙන් අවසර දෙන්නෙ නෑ. නමුත් ජනතාවට පහසුකම් සහිත ජීවිතයක් ගත කරන්න අයිතියක් තියෙනවා. ඒ නිසා ඒ බව සලකලා තමයි මේ ඇතැම් තීරණ අරන් තියෙන්නෙ. නිවාස ඉදිකිරීමට අදාළව. ඒ වගේම පූජා නගරය සංවර්ධනය කිරීම ලංකාවේ සංචාරක කර්මාන්තයටත් බලපානවා. ඒ අවට යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕන.
මේ රට දියුණු වුණාම ඒගොල්ලන්ට පැවැත්මක් නෑ කියලා කියලා. මේ ව්‍යාජ අදහස් හරහා සමාජගත කරන්න හදන අදහස් පරාජය කරන්න අපි කටයුතු කරනවා” පැවසීය.

ආගමික සංස්ථාව රැකගන්න වැඩියෙන්ම දායක වෙන ආණ්ඩුව මේ ආණ්ඩුව – සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා

එම අවස්ථාවේදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා,

” මේ ආණ්ඩුවට එරෙහිව බෞද්ධ ජනතාව අවුස්සන්න ඇතැම් අය උත්සාහ කරමින් ඉන්නවා. ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් විරෝධය අවසන් වෙනකොට අපි දැක්කා ඒවයේ තිබිච්ච යටි අරමුණ.

සිවුරෙන් පටන් අරන් කිංස්බරි එකකින් තමයි ඒ සටන අවසන් වුණේ. ඥානසාර හිමිට සිවුර අන්තවල උසාවි ගේන්න කියන එකෙන් පටන් අරන් විවිධ දේශපාලනඥයින් නිදහස් කරන්න කියන තැනට ඒක ආවා.
පූජා භූමි සංවර්ධනය කියන සාධකය අල්ලන් විමල් වීරවංශ මාධ්‍ය සාකච්ඡා තියෙනවා. බුද්ධ ශාසන ඇමතිවරයාට විවාද වලට එන්න කියනවා. ඉස්සර ආණ්ඩුවේ වරම් ප්‍රසාද අරගෙන ඇමතිලා වෙලා හිටපු අයට බලය නැති වුණහම දැනෙන වේදනාව තමයි මේ තියෙන්නේ.

දැන් කියන්න හදනවා මේ ආණ්ඩුව ආගම් විනාශ කරනවා කියලා. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් වුණාම ආගම පාවිච්චි කරලා දේශපාලනය කරන්නේ නෑ. ඒක තමයි වාමාංශික දේශපාලනයේ ස්වභාවය. ඒත් ලංකාව වගේ බෞද්ධාගමට මූලිකත්වය දෙන රටක 1965 දී රෝහණ විජේවීර සහෝදරයා බුද්ධි පෙරමුණ ගොඩනැගීමෙන් පස්සේ මුලින්ම ගොඩනැගුවේ ජාතික භික්ෂු පෙරමුණ. ඒ වගේමයි ලංකාවේ කලින් හිටපු ආණ්ඩු වලට වඩා ආගම රකින ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව.

ආණ්ඩුවට මොකක් හරි ෂොට් එකක් දෙන්න හිතාගෙන තමයි මේ විරෝධය ගොඩනගන්නේ. මෙය ආණ්ඩුව ආවහම පෙරහැර නවත්තනවා කිව්වා පන්සලට දාන්නේ ලැබෙන්නැති වෙයි කිව්වා කඨින නවත්තන්න වෙනවා කිව්වනේ. ඒත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද කලින් කරාටත් වඩා හොඳට ඒ දේවල් කරන එක.

යතිවර මාපිය වැඩසටහන හරහා ඒ දරුවන් ශාසනයට ලබා දුන්න දෙමව්පියන්ට නිවසක් නැතිනම් නිවසක් හදා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා කරලා තියනවා. සසුනෝදය වැඩසටහන කරගෙන යනවා. ඒ වගේම දිට්වා සුළු කුණාතුවෙන් පස්සේ විනාශයට පත්වුණු පන්සල් ගොඩනැගීම වෙනුවෙන් මුදල් වෙන් කරලා එම කටයුතු සිදු කරනවා.
පන්සිල් පද පහවත් රකින්න බැරි මිනිස්සු තමයි මේ ආණ්ඩුවට චෝදනා කරන්නේ. එයාලට මොන චෝදනාද නැත්තේ. මේ ආණ්ඩුව මේ රට ගොඩනගන්නේ සියලු ආගම් සහ සංස්කෘතීන් සමඟ එක්වයි.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න පුළුවන් මේ රටේ සියලුම ආගම්වල සියලුම ජාතිකත්වවල ජනතාව එකතු කරගෙන. ” යැයි පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img