කොළඹ මල්පාර, දේශපාලන කාර්යාලයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කළ අදහස්
මේ රටේ මෑතකදී යෝජනා වූ පනත් අතුරින් අතිශයින්ම භයානක පනතක් තමයි අපරාධ පිළිබඳ පනත. මේ පනත අපි තක්සේරු කරන්න ඕනේ තවත් පනතක් සමඟ. ඒක තමයි ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මේ පනත් දෙක එකිනෙකට බොහොම සමීපව සම්බන්ධ වෙලා තිබෙනවා.
දැන් මේ පනත් දෙකේ ප්‍රතිඵලය තමයි, අපි චිරාත් කාලයක් මේ රටේ භුක්ති විඳපු නිදහස ප්රජාතන්ත්රවාදයට නෑකම් කියන්න, සියලුම අයිතිවාසිකම් සම්පූර්ණයෙන් නිෂේධ වීම හා ඊට අමතරව ජාත්‍යන්තර තලයේ මේ රටට විශාල විනාශයක් වනවා. අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය පමණක් නොවෙයි, වෙළඳ සම්බන්ධතා ආයෝජන අපේ ආර්ථිකයට සෘජුව බලපාන සියලුම දේවල් විශේෂ අවධානයකට ලක් වෙනවා මේ පනත් දෙකේ සෘජු ප්‍රතිඵලයක් වශයෙන්.
දැනටම ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, human rights watch හා විශේෂයෙන් වැදගත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නගරයේ පිහිටුවා තියෙන මානව හිමිකම් කවුන්සිලය මේ පනත් දෙක පිළිබඳව ඉතාමත් දැඩි විවේචන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අය රජයට නිර්දේශ කරලා තිබෙනවා, මූලික සංශෝධන වලින් තොරව මේ පනත් දෙක නීතිගත කරන්න එපා කියලා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂයෙන් වැදගත් වෙන්නේ, මොකද GSP+ සහනයට එයට අදාළ වන නිසා.
මෙතැන සිදුවෙලා තියෙන්නේ, අපේ රටේ නීතිය අනුව සුරක්ෂිත වෙලා තිබෙන මානව අයිතිවාසිකම් වැඩි ලෙස උල්ලංඝනය වීම පමණක් නොවෙයි, අපි ජාත්‍යන්තරයට දීලා තියෙන ප්‍රතිඥා වලට අපේ පනත් දෙක කෙලින්ම පටහැනි නිසා. එම නිසා GSP+ සහනය අපිට මේ අවස්ථාවේදී අතිශයින් වැදගත්. අපේ අපනයන නිෂ්පාදන හා සේවාවලට අතිශයින් වැදගත්කමක් තමයි මේ අවස්ථාවේදී GSP+ සහනය. නමුත් මේ පනත් දෙක මේ විදිහට නීතිගත කළොත් GSP+ සහනය අහිමි වීමේ අවධානම පැහැදිලිව තියෙන බවට කිසිම සැකයක් නැහැ.
දැන් මේ සැලසුම් සහගත අපරාධ පනතෙන් සඳහන් වනවා බරපතල අපරාධ. අපේ හිටපු අග්‍ර විනිශ්චකාරතුමා එකඟ වෙනවා ඇති. මේකේ බරපතල අපරාධයක් කියන්නේ, අපේ නීතිය යටතේ අවුරුදු හතරකට වඩා බන්ධනාගාර ගත කිරීමේ දඬුවමට ලක්වන ඕනෑම අපරාධයක් බරපතල අපරාධයක් හැටියට හඳුන්වනවා. අවුරුදු හතරකට හිරේ යන දඬුවමක් නම් පැවරෙන්නේ, ඒක බල බරපතල අපරාධයක් හැටියට සැලකෙනවා. නමුත් රටේ දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු අනිත් නීති යටතේ, අපරාධවලින් අති බහුතරයකට ලැබෙන දඬුවම අවුරුදු හතරකට වැඩියි. මේ පනතේ ක්ෂේත්රය අතිශයින් පුළුල්.
ඊට අමතරව උපලේඛනය එකතු කරලා තියෙනවා තව අපරාධ 50ක්. ඒ සියල්ලක්ම බරපතල අපරාධ හැටියට ගනන් ගන්නවා. දැන් මේ පනත සකස් කරලා තියෙන්නේ කිසිම ප්‍රතිපත්තියක් දැක්මක් නැතිව.
මම උදාහරණයක් දෙන්නම්. දැන් මේ පනත බලපාන්නේ තුන් දෙනෙකුට වඩා සංඛ්‍යාවක් එක්කාසු වෙලා ක්‍රියා කළොත්. අපි මේ උදාහරණය ගන්නවා නම්, තරුණයන් තුන් දෙනෙක් සාදයකට ගිහිල්ලා ගීතයක් ගායනා කරනවා. ඊටපස්සේ ඒ ගීතය ලියපු පුද්ගලයා, බුද්ධිමය දේපළ පිළිබඳ අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා පෙනෙනවා නම්, එතකොට මේ ගීතය ගයපු ඒ තරුණයන් තුන් දෙනා, සැලසුම් සහගත අපරාධ කල්ලියක සාමාජිකයන් හැටියට හඳුනාගෙන, මේ පනත යටතේ ඒ අයට දඬුවම් කරනවා.
ඒ අය කරලා තියෙන්නේ ගීතයක් ගායනා කරන එක පමණක් නෙවෙයි, කිසිම දෙයක් කරලා නැහැ. හැබැයි ඒ ගීතය වෙන කවුරුහරි ලියපු ගීතයක්. ඒ ගීතය ලියපු පුද්ගලයාට ඒ ගීතය සම්බන්ධයෙන් නීතිය යටතේ යම්කිසි අයිතිවාසිකම් තියෙනවා, බුද්ධිමය දේපල. එතකොට ඒ අයිතිවාසිකම් උල්ලංඝනය කලා කියලා පදනම මිස වෙන කිසිම දෙයක් නැහැ. මේ තුන් දෙනා මේ පනත යටතේ දැඩි දඬුවම් වලට යටත් වෙනවා.
එතකොට සැලසුම් සහගත අපරාධ කල්ලියක සාමාජිකයන් වෙන්නේ කවුද කියන එක කොහොමද තෝරා ගන්නේ ? පච්චා කොටලා තියෙනවා නම්, කොන්ඩේ වවලා තියෙනවා නම්. ඇත්තවශයෙන් හාස්‍ය ජනකයි මේවා. අදහා ගන්න බැහැ. කවුද මේ විදිහට කියන්නේ. ඔව්, ඒ කියන්නේ තමන්ගේ හැසිරීමේ චර්යාව. කොණ්ඩෙ කැමති නම් වවන්න පුලුවන් නැතිනම් වවන්නෙ නැතිව ඉන්න පුලුවන්. ඒ අපි හැමෝටම තියෙන අයිතිවාසිකමක්. තමන්ගේම ශරීරයේ පච්චා කොටන්න ඕන නම් ඒක කරගන්න පුලුවන්. කාගෙන්වත් අවසර ගන්න ඕන නැහැ.
හැබැයි බලන්න මේ පනතේ ඇත්ත වශයෙන් තියෙන දේවල් මේවා එතකොට මෙන්න මේ විදියේ සාධක සැලකීමට භාජනය කරගෙන තමයි තීරණය කරන්නේ කවුද, සැලසුම් සහගත අපරාධ කල්ලියක සාමාජිකයෝ වෙන්නේ කියලා. පුද්ගල නිදහසින්, මොකක්ද ඉතිරි වෙන්නේ මේ පනත නීතිගත වුණොත්.
එතකොට මේ මේ මේ පනතෙන් කිසිම අලුත් අපරාධයක් නිර්මාණය වෙන්නේ නැහැ, අලුත් අපරාධ නොවෙයි. මේකෙන් වෙන්නේ දේවල් දෙකක්. තිබෙන අපරාධ වලට ලැබෙන දඬුවම විශාල ලෙස වැඩි වෙනවා හා චෝදනා ඔප්පු කිරීම ඉතාමත් ලේසියි අසාධාරණ විදියට. අපේ රටේ හිටපු අග්‍ර විනිශ්චකාරතුමා දන්නා පරිදි, අවුරුදු 131ක් අඛණ්ඩව අපේ නීති සංස්කෘතියේ අන්තර්ගත කොටසක් හැටියට අපි ආරක්ෂා කරගත් මූලධර්මයක් තමයි, යම්කිසි පුද්ගලයෙක් පොලිස් භාරයේ සිටින විට, පොලිසියට පාපොච්චාරණයක් කරනවා නම්, ඒ පාපොච්චාරණය ඒ පුද්ගලයාට විරුද්ධව සාක්ෂියක් හැටියට අධිකරණය හමුවේ භාවිතා කරන්න බැහැ.
මේක අපේ නීතියට ඇතුළත් කළේ අපි බ්‍රිතාන්‍යය යටත් විජිතයක් හැටියට ඉන්න කාලේ, බ්‍රිතාන්‍ය පාලකයන් පවා සිතුවා ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ ආකාරයේ ප්‍රතිපත්තියක් අපේ නීතියට ඇතුළත් කළ යුතුයි කියලා. මේක කළේ 1896 සාක්ෂි ආඥා පනතින්. අවුරුදු 131ක් අඛණ්ඩව අපි ඒ ආරක්ෂාව භුක්ති වින්දා.
දැන් ඒකට ඉතාමත් පැහැදිලි ප්‍රතිපත්ති හේතුවක් තියෙනවා. පොලිස් භාරයේ සිටින චූදිතයෙතුගේ මානසිකත්වය ගැන හිතන්න ඕනෑ. මේ දවස් කීපයකට ඉස්සෙල්ලා අර හෝමාගම සිද්ධියේ ඉශාර හර්ෂ කුමාර සිල්වා. ඒකෙන් පැහැදිලිව පෙනෙනවා අපේ රටේ ජනතාවට මේකෙන් කෙතරම් බරපතල අවදානමක් සිදුවෙනවාද කියලා.
එතකොට පොලිස් භාරයේ සිටින කෙනෙකුට තර්ජන කරලා, බලපෑම් කරලා, පහර දීලා, ඒ පුද්ගලයාගෙන් පාපොච්චාරණයක් ලබා ගන්න ඕන වුණොත්, මෙතෙක් දුරට සාක්ෂි ආඥා පනතේ 26 වන වගන්තිය යටතේ ඒ සාක්ෂිය, ක්ෂියක් පාවිච්චි කරන්න ඒ පුද්ගලයාට විරුද්ධව ඒක භාවිතා කරන්න බැහැ.
හැබැයි මේ නීතිය, මේ යෝජිත නීතිය යටතේ ඒක උසාවිය ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂියක් හැටියට, ඒ සාක්ෂිය පදනම් කරගෙන ඕනෑම අපරාධයකට මිනීමැරුමකට වුවත් ඒ පුද්ගලයා වරදකරු හැටියට තීරණය කරන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, අදහන්න බැරි තව වගන්තියක් මේකේ තියෙනවා. දැන් ඊටපස්සේ ඒ පුද්ගලයා උසාවියට ගිහිල්ලා විනිශ්චකාරතුමා ඉදිරියේ කියනවා නම් මම මේක කැමැත්තෙන්, ස්වේච්ඡාවෙන් කරපු ප්‍රකාශයක් නෙවෙයි, මට ගහලා, මාව බය කරලා, බලහත්කාරයෙන් මගෙන් ලබාගත් පාපොච්චාරණයක් මේක.
ඇත්ත කතාව මේකයි. එතකොට ඒ පුද්ගලයා සාක්ෂි කූඩුවට ඇවිල්ලා උසාවියේ ඇත්ත කතාව කිව්වොත්, දැන් මේ නීතියේ තියෙනවා, මේ මේ යෝජිත නීතියේ තියෙනවා, පොලිසියට කරපු පාපොච්චාරණයයි, උසාවියේදී දෙන සාක්ෂියය අතර පරස්පරයක් තියෙනවා නම්, ඒ පරස්පරය පදනම් කරගෙන තවත් අමතර චෝදනාවක් ඒ පුද්ගලයාට විරුද්ධව දානවා.
එතකොට ඒ පුද්ගලයාට තියෙන අවදානම වඩාත් උග්‍ර වෙනවා. මේ ආකාරයේ නීති පොලිස් රාජ්‍යයකට ගැලපෙන ඒවායි, අවම වශයෙන් හෝ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරකම් කරන සමාජයකට කිසිසේත් මේ නීති උචිත වෙන්නේ නැහැ, සුදුසු වන්නේ නැහැ.
දැන් අපේ රටේ අපි සියලු දෙනාම, අපි සිල්ලර දේවල් වෙයි, අපි දිනපතා ජීවිතයේ අපි භුක්ති විඳින නිදහසට කෙලින්ම බලපාන දෙයක් තමයි, නීතියේ මූලධර්මයක් තමයි, යම්කිසි පුද්ගලයෙකුගේ නිදහස නැති කරනවා, ඒ පුද්ගලයා සිරගත කරනවා. ඒ තීරණය ගත යුත්තේ වෙන කවුරුත් නොවෙයි, ඒ රටේ අධිකරණය. මෙතුමා අග්‍ර විනිශ්චකාවරයෙක් හැටියට සිටියා
කරපු එක හැටියට කිව්වා, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලධර්මය ගත්තා.
එතකොට අපි සියලු දෙනාම තවදුරටත් සමාජයේ නිදහස්, නිවහල් පුද්ගලයන් හැටියට ජීවත් වෙනවද, එහෙමත් නැත්නම් බන්ධනාගාරයේ බිත්ති හතර තුළ ජීවත් වෙනවද කියන ප්රශ්නය තීරණය කරන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ රටේ විනිශ්චයකාරවරු, මේ රටේ අධිකරණය.
අන්න ඒ මූලධර්මය අපි අතුගාලා දමනවා නම්, එවන් සමාජයක කිසිම පුද්ගල නිදහසක් ඉතිරි වන්නේ නැහැ. දැන් මේ අලුත් පනත නිසා ඒ නිදහසත් නැති වෙලා යනවා. ඒ මොකද එහි තියෙනවා, පොලිස්පතිතුමාට හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පුළුවන් ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා සිටින්න, රැඳවීම් නියෝගයක් යම්කිසි පුරවැසියෙකුට විරුද්ධව ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඒ රැඳවිම් නියෝගය මත ඒ පුද්ගලයා මාස දෙකක් හිරගෙදරට දාන්න පුළුවන්. ඊටපස්සේ ඒක අවුරුද්දක් දක්වා දීර්ඝ කරන්න පුළුවන්.
දැන් මෙන්න මේක මතක තියාගන්න, ඒ පුද්ගලයා වරදකරුවෙක් කියලා කිසිම උසාවියක් තීරණය කරලා නැහැ. කිසිම උසාවියකට ඉදිරිපත් කරලා, වරදකරු කියලා ඔප්පු කරලා නැහැ. එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපේ උත්තරීතර නීතියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, උසාවියක් යම්කිසි පුද්ගලයෙකුට වරදකරුවකු හැටියට තීරණය කරන තුරු, ඒ පුද්ගලයා නිදොස් පුද්ගලයා, නිර්දෝෂී, නිර්දෝෂී පුද්ගලයෙකු හැටියට එලුව ඔසවලා, අභිමානයක් ඇතිව සමාජයේ ජීවත් වීමට පූර්ණ අයිතිය අපි සියලු දෙනාටම තියෙනවා. උසාවිය අපි වරදකරු හැටියට තීරණය කරන තුරු, දැන් මේ අවස්ථාවේදී තීරණය කිරීමක් නැහැ.
උසාවියේ කිසිම මැදිහත් වීමක් නැහැ. හැබැයි තත්වය එහෙම වුවත්, එවැනි පුද්ගලයෙක්ව බෙල්ලෙන් අල්ලාගෙන සිරගෙදරට යවන්න පුලුවන්. විනිසුරුකරුවන් සම්බන්ධ වෙලා නැහැ. උසාවියක අධීක්ෂණයක් නැහැ. උසාවියේ කිසිම කාර්යභාරයක් නැහැ.
ඒ පුද්ගලයා විධායක නියෝගයක් අනුව, ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ නියෝගයක් අනුව, ඒ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම නැති කරලා දැමිමට පුළුවන්.
එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පුළුවන් ඕනෑම සංවිධානයක් තහනම් කිරීම, එක පෑන් පාරකින් තහනම් කරන්න පුලුවන්. හරිම බලගතු තනතුරක්. එතකොට මොකක්ද වෙන්නේ? භාෂණ නිදහස, ඒ කියන්නේ නිදහස්ව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස, මේ සියල්ලක්ම සහතික කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒවා බින්දුවට බස්සන්න පුලුවන්. ඒවා ඔක්කොම සම්පූර්ණයෙන් නිෂේධ කරන්න පුළුවන් විධායකයේ නිලධාරියෙකු වන ආරක්ෂක ලේකම්ට, මේ සියල්ලක්ම සිදුවෙනවා මේ පනත සම්මත කළ විගසම.
ප්රජාතන්ත්රවාදී සමාජයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් තමයි, උසාවියක සිදුවන දේවල් පිළිබඳව සම්පූර්ණ විනිවිදභාවය, විවෘත අධිකරණය. මිනිස් නිදහස ගරු කරන ඕනෑම සමාජයක, උසාවිවල සිදුවෙන දේවල් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට හැම පුරවැසියෙකුටම සම්පූර්ණ අයිතියක් තිබෙනවා.
දැන් මේ පනතේ තිබෙනවා, නඩුවක් අහගෙන යනකොට, ඒ පිළිබඳ තොරතුරු මාධ්‍යවලට හැකිවන්නේ සමාජයට හෙළිදරව් කිරීමට, උසාවියේ අනුමැතිය අරගෙන පමණයි. උසාවියේ අනුමැතියෙන් තොරව ශ්‍රී ලංකාවේ උසාවියක සිදුවන දේවල් පිළිබඳව අපේ රටේ ජනතාව දැනුවත් කිරීමට මින් ඉදිරියට මාධ්‍යවලට කිසිම නිදහසක් නැහැ. එහෙම කළොත් මාධ්‍යවලට දඬුවම් කරන්න පුළුවන්. මාධ්‍ය චූදිතයන් කරන්න පුළුවන්. එතකොට දැන් මෙහි දේවල් දෙකක්, මාධ්‍යවලට ඒ අයගේ කාර්යභාරය කිසිසේත් කරන්න පුළුවන්කමක් නැහැ. එයාලව නිශ්ශබ්ද කරනවා.
හැබැයි ඊටත් වඩා වැදගත් දෙයක් තමයි, මේ රටේ පුරවැසියන්ට උසාවියේ වෙන දේවල් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිය, සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඉතින් එතකොට, එහෙම සමාජය ඒකාධිපති රාජ්‍යයකට ගැළපෙනවා. හැබැයි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයකට, ප්රජාතන්ත්රවාදී සමාජයකට ඒක කිසිම ආකාරයකින් ගැළපෙන්නේ නැහැ.
අනෙක, දැන් අපි සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා නම්, මේ රටේ පුරවැසියෙක් අත්අඩංගුවට ගන්නවා නම්, ඒක කොහොමද කරන්නේ? මොකද්ද ක්‍රමවේදය ? ඒ සම්බන්ධයෙන් විස්තර සහිත විධිවිධාන ඇතුළත් වෙලා තියෙනවා අපේ නීතියේ. උදාහරණයක් වශයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය. හැබැයි මෙතන, මෙතන මේක කියවල බලන්න, පොලිසියට පුළුවන් මිලිටරියේ ආධාර ලබාගන්න පුළුවන් මේ ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගන්න.
ඒ කියන්නේ රටේ හදිසි තත්වයක් නෑ, කලබලයක් නෑ, මුකුත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ පනත අනුව පොලිසියට පුළුවන් මිලිටරියේ ආධාර ඉල්ලන්න මේ රටේ පුරවැසියෙක් අත්අඩංගුවට ගැනීම සඳහා.
දැන් මෙතන පුදුම දෙය තමයි ඒ කොයි ශ්‍රේණියේ පොලිස් නිලධාරියෙක්ද කියන එක සඳහන් වෙලා නෑ. එතකොට කොස්තාපල්වරයෙක්ට පුලුවන් මිලිටරිය සම්බන්ධ කරගන්න යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනිම සඳහා. ඇයි මිලිටරියේ සහභාගිත්වය අවශ්‍ය වන්නේ කියලා කිසිම කරුණක් දැක්වීමට අවශ්‍ය නැහැ.
සම්පූර්ණයෙන්ම අත්තනෝමතික විදියට. දැන් කොස්තාපල්වරයෙකුට කවුරුහරි නිලධාරියෙක් කියනවා නම් මේක කරන්න කියලා. එතකොට කොස්තාපල්වරයා එක කරනවා නම්, ඇයි මේක කරන්නේ? මොකක්ද මේකට අවශ්‍යතාවය? ඇයි මේක සාධාරණ? ඒ කිසිම හේතුවක් දැක්වීමට මේ නීතිය යටතේ අවශ්‍යතාවයක් නැහැ. හිතුමතේම කොස්තාපල්වරයෙකුට මිලිටරියේ සහභාගිත්වය ලබාගන්න මේ රටේ පුරවැසියෙකු අත්අඩංගුවටම ගැනීම සඳහා.
ඉතින් මේවා අපි පිළිගන්නවද? නිදහස්, නිවහල් සමාජයක ජීවත් වීමට අපිට තවදුරටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ විදියේ නීතිද අපිට අවශ්‍ය වන්නේ? මේ නීති නිසා අපේ ජීවිත සම්පූර්ණ විපර්යාසයකට භාජන වෙනවා. ප්රජාතන්ත්රවාදයේ සිට ඒකාධිපතිවාදය දක්වා යන ගමනේ ඉතාමත් වැදගත් පිම්මක් තමා මේ පනත.
අවසාන වශයෙන් මේක ඇස්බැන්ඳුම් වැඩක්. දැන් ඉස්සෙල්ලා ගෙනාවා රාජ්‍යයේ ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත. හැම තැනින්ම මේකට ලොකු විරෝධයක් ආවා. දැන් මේ රටේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධාන නිලධාරියාට සංදේශයක් බාරදීමට. හිටපු අග්‍ර විනිශ්චකාර සරත් නන්ද සිල්වා මැතිතුමා එය අත්සන් කරලා එයට පූර්ණ සහයෝගය දෙනවා. මේ රටේ ජනතාවට මොනවද වෙන්නේ මේකෙන්? ජාත්‍යන්තරයේ අපේ පිළිගැනීම මොකක්ද? ජාත්‍යන්තරයට අපි දීලා තියෙන ප්‍රතිඥා, ඒවාට මොනවද වෙන්නේ ? ඉතාමත් සැහැල්ලුවෙන් ඒවා සලකා ඒ පොරොන්දු සම්පූර්ණයෙන්ම කඩ කරන තැනකට අපි පත්වුණා.
එතුලින් මේ රටේ ආර්ථිකයට මරු පහරක් එනවා, මේ සියල්ලක්ම අන්තර්ගත සංදේශයක්, ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රධාන නිලධාරියාට භාරදෙන්න අපි සියලු දෙනාම සරත් නන්ද සිල්වා මැතිතුමා ඇතුළු අපි අදහස් කළා.
දැන් මේක ඇස්බැන්ඳුම් වැඩක් කියන්නේ. අර ත්රස්තවාදයට විරුද්ධව රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත ඉදිරිපත් කරපු අවස්ථාවේදී විශාල ආන්දෝලනයක් ඇති වුණා. මේ රටේ විතරක් නොවෙයි ජාත්‍යන්තරය තුළත්. එතකොට මොකක්ද ආණ්ඩුව කළේ? ආණ්ඩුව කළේ එහි කැපී පෙනෙන ඉතාමත් විනාශකාරී වගන්ති ඉවත් කලා. දැන් මොකක්ද කරන්නෙ? ඒ ඉවත් කරපු වගන්ති මේ අලුත් පනතට, සැලසුම් සහගත අපරාධ පනතට රින්ගවල අරකෙන් ඉවත් කරපු එක.
උදාහරණයක් වශයෙන් ඩිජිටල් වේදිකාවල තිබෙන පුරවැසියාගේ පුද්ගලික තොරතුරු පොලිසියට ලබා ගැනීමට හැකියාව තිබුණා ත්රස්තවාදයට විරුද්ධ පනතේ. ඒක ඉවත් කරගත්තා. ඒ ඉවත් කරපු වගන්තිය දැන් මේ පනතට ඇතුළත් කරලා තියෙනවා.
කවුද මේ රවටන්න හදන්නෙ? ඒ පනත් දෙක සංසන්දනය එකෙන් කියෙව්වම පෙනෙනවා, අරකෙන් ඉවත් කරපු දේ මේකට වක්‍රාකාරයෙන් ඇතුළත් කරලා. ඉතින් මේකෙන් මේ රටේ ජනතාව රවටන්නත් බෑ, ජාත්‍යන්තරය රවටන්නත් බැහැ. විශේෂයෙන්ම බ්‍රසල්ස් මේ GSP+ සහනය අපිට ලබාදෙන යුරෝපීය සංවිධානය රවටන්නත් බැහැ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රවටන්නත් බැහැ.
ඉතින් ඒ නිසා මේකේ අවසාන ප්‍රතිඵලය තමා අපි ගරු කරන, අපේ ජීවිතයේ අන්තර්ගත කොටසක් විදිහට අපි සළකන මූලික අයිතිවාසිකම් සියල්ලක්ම සම්පූර්ණයෙන්ම මෙතැනින් පස්සේ අවසාන තිත තිබනවා.
අපේ ආර්ථිකයට අත්‍යවශ්‍ය සහයෝගය ජාත්ය්නතරයේ GSP+ වැනි වරප්‍රසාද, ඒවා සදාකාලිකවම අපිට ලැබෙනවා කියලා එහෙම සහතිකයක් නෑ. ඒවා අපිට ලැබිලා තියෙන පරිත්‍යාග නොවෙයි. ඒවා භුක්ති විඳීමට අපිට පුළුවන් වන්නේ කොන්දේසි වලට යටත්ව. ඒ කොන්දේසි වලින් එකක් තමා ජාත්‍යන්තර සම්මුති 24කට අනුකූලව අපි ක්‍රියා කරන්න ඕනේ. ඒවායින් ප්‍රධාන එක තමා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. ඒවා උල්ලංඝනය මේ පනත් දෙකෙන්ම ඒවා පැහැදිලිවම උල්ලංඝනය වෙනවා. ඉන්පසු GSP+ සහනය අපිට ලැබීම ඉතාමත් අඩමාන තත්වයක්






















