නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන 2026 නොවැම්බර් 12 සහ 13 යන දෙදින දිවයින පුරා මධ්‍යස්ථාන 100 ක දී ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු හා අපේක්ෂිත ප්‍රතිඵල, සංශෝධිත ජාතික විෂයමාලා රාමුව, අධ්‍යාපන පරිපාලනය හා භෞතික සම්පත් සංවර්ධනය, පාසල් පාදක ඇගයීම් සහ සහතිකකරණය ඇතුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සහභාගිකයන්ට ලබා දීමට අපේක්ෂා කෙරේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් අධ්‍යාපන පද්ධතියේ සියලු පාර්ශ්ව වෙත සන්නිවේදනය කිරීමත්, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත ලබාදීමත් මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
එමෙන්ම, නොවැම්බර් 19 වන දින දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පුහුණුව අධ්‍යාපන කලාපවල අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත ලබාදීම ද මෙම දෙදින ජාතික වැඩසටහනේ තවත් එක් අරමුණකි.
මෙම වැඩසටහන් මාලාවේ අවසාන අදියර වශයෙන් 2026 නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා සතියක කාලයක් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා වෙන් කර ඇත. ඒ අනුව, එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සුදුසු දින ගණනක් වෙන් කර, එම පාසලේ සියලුම දරුවන්ගේ දෙමව්පියන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව දැනුවත් කිරීමට නියමිතය.
මාධ්‍ය ඒකකය.






















