ජනතා ප්‍රශ්න විසඳන්න සොඳුරු ආණ්ඩුව බිහි කරන බව සජිත් කියයි.
රටේ ජනතාවගේ ප්‍රශ්න සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බවත් එම ප්‍රශ්න විසඳීම සඳහා අගෝස්තු පස් වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජය ගෙන සොඳුරුතම ආණ්ඩුව පිහිටුවන බවත් සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ මින්නේරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. වීඩියෝව සහිතයි.






















