Saturday, November 14, 2026
HomeNEWSඅධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ.

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට හානි සිදුවූ මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවීන් 86 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කිරීම සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (11-10) මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

මන්නාරම දිස්ත්‍රික් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය යටතේ මෙම වන්දි මුදල් ගෙවීම සිදු කෙරේ.

ඒ අනුව, අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් වී වගාවන් විනාශ වූ ගොවීන් 86 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3.6ක වන්දි මුදලක් වෙන් කර ඇති අතර, ඉන් මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් 52 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3.1ක වන්දි මුදලක් ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

වන්දි මුදල් ලබාදීමෙන් අනතුරුව ගොවීන්ට ඉදිරි මහ කන්නයේ වී වගා කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම රජයේ අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ගොවීන්ට අවශ්‍ය සහන ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර, ගොවියා ශක්තිමත් ව්‍යවසායකයකු බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් මහතා, පළාත් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ දිලිප් කුමාර් මහතා, මඩු ප්‍රාදේශීය ලේකම් ආර්. සී. අමල්රාජ් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විජේවීර සහෝදරයට සම්පූර්ණයෙන්ම පිටුපාලා ජවිපෙ අද ආණ්ඩු කරනවා- දුමින්ද නාගමුව

" දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදය " මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37වන ඉල්මහා විරු සමරුව ඊයේ දින ( 2026. 11. 13...

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img