ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය ඊලග තලයට ඔසවා තබන ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම අති සාර්ථකව ජපානයේ Tsukuba Nikko Hotel දී ඊයේ (22) දින අවසන් විය. GLEC නිර්මාතෘ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්
එහිදි පැමින සිටි පිරිස අමතමින් GLEC නිර්මාතෘ දිලිත් ජයවීර මහතා මෙසේ පැවසීය.
මේ ගැන පටු දෘෂ්ටිකෝණයෙන් බලන්න එපා රටක් දියුණු වන්නට නම් ව්‍යවසායකත්ව මනසකින් යුත් පාලනයක් අවශ්‍යයි
ජපානය දියුණු වුනේම ව්‍යවසායකත්වය තුළින්, ජපානයේ සභ්‍යත්වය තමයි ඔවුන්ගේ ව්‍යවසායකත්වයට පණ දෙන්නේ
ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය ගොඩගන්නට නම් අභිප්‍රේරණය කරන්නට නම් බැරි දෙයක් නෑ කියලා ජපානෙට ඇවිල්ලා ඔප්පු කරලා පෙන්නපු ශ්‍රී ලාංකික අපේ ව්‍යවසායකයන් තමයි හොඳම උදාහරණය
මෙම හමුව සඳහා අමාත්‍ය ( හිටපු) GLEC ජාත්‍යන්තර අධ්‍යක්ෂක රොෂාන් රණසිංහ මහතා,GLEC පුරෝගාමී නිර්මාතෘ හසන්ත රත්නායක මහතා ද පැමින සිටි පිරිස අමතමින් අදහස් දැක්වූවා.
මෙම හමුව සඳහා ජාපනයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් විශාල පිරිසක්ද ජාපන් ජාතික ව්‍යවසායකයන්ද සහභාගි වී සිටියා.
මෙහි මාධ්‍ය දායකත්වය දක්වන්නේ ජාපනයේ ආයූබෝ ටීවී ආයතනයයි

























