Wednesday, November 25, 2026
HomeNEWSකාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත්ගේ සහාය

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත්ගේ සහාය

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය

කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ගෝලීය දින 16ක ක්‍රියාකාරීත්වයට සහාය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ වැඩසටහනට එක්විය.

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණිවිඩය සංකේතවත් කරන විශේෂ ලාංඡනයක් පිරිනැමීමට කටයුතු කර තිබිණි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම ලාංඡනය පැළඳ ගනිමින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ගෝලීය වැඩපිළිවෙළට සිය සහයෝගය පළ කළේය.

මෙම ජාත්‍යන්තර වැඩසටහනේ සංකේතීය වර්ණය වන තැඹිලි පැහැය ප්‍රවර්ධනය කරමින් එදින තැඹිලි හෝ තැඹිලි පැහැයට හුරු ඇඳුමින් සැරසී ඊට සහාය දක්වන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඊට අනුව තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී පැමිණීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ඇමති ජොන්ස්ටන්ට රු130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවයි

එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට රු.130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර...

රියාද් හි පිහිටි සෞදි මහජන ආයෝජන අරමුදලේ මූලස්ථානයට ප්‍රහාරයක්

රියාද් හි පිහිටි සෞදි මහජන ආයෝජන අරමුදලේ මූලස්ථානයට යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 11 දෙනෙකුට තුවාල.

මනමේ සහ සිංහබාහු රනිල්ගේ ගෙදරට

මහාචාර්ය එදිරවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහුු නාට්‍ය කණ්ඩායම් අද(24) දින හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණ තිබේ. ලලිතා සරත්චන්ද්‍ර මහත්මියත්...

අයවැයෙන් වෙන් කරපු මුදලවත් වියදම් කරගන්න බැරුව ආණ්ඩුවට රට සංවර්ධනය කරන්නේ කොහොමද? ඒකාබද්ධ විපක්ෂය

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (24) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් අද අපේ රටේ තිබෙන ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img