Friday, September 11, 2026
HomeNEWSLatest Newsබූස්ස බන්ධනාගාරයේ සිටින පාතාල නායකයින්ගෙන් ජනපතිට මරණ තර්ජන.

බූස්ස බන්ධනාගාරයේ සිටින පාතාල නායකයින්ගෙන් ජනපතිට මරණ තර්ජන.

බූස්ස බන්ධනාගාරයේ සිටින පාතාල නායකයින්ගෙන් ජනපතිට මරණ තර්ජන.

බූස්ස බන්ධනාගාරයේ සිටින පාතාල නායකයින්ගෙන් ජනපතිට මරණ තර්ජන. බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධ කරුවන් වන කොස්ගොඩ තාරක පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ අනුව සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ උදෑසන බන්ධනාගාර මූලස්ථානයට පැමිණ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත. කොස්ගොඩ තාරක හික්කඩුව පොඩි ලැසී රිටිගල කැවුමා ඇතුළු පාතාල නායකයන්පිරිසක් තමන් බූස්ස බන්ධනාගාරය යැවීම ගැන විරෝධය පාමින් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි. ඒ ගැන සොයා බැලීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් ජුනි 26 වනදා බූස්ස බන්ධනාගාරයට ගොස් තිබේ. එහිදී ජනාධිපති ,ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් තමන්ට ලොකු නැති බවත් අවි ආයුධ හා සාමාජිකයින් සමග තම ජාලය තාමත් ක්‍රියාත්මක බවත් කියමින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන කරමින් තාරක, ලැසී ඇතුළු පිරිස කලහකාරී ලෙස හැසිරී තිබෙන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img