Monday, September 14, 2026
HomeNEWSLatest Newsඑජාපයේ දෙපාර්ශ්වයම ජනතාව අතර අසමත් පාර්ශවයන් දෙකක්....

එජාපයේ දෙපාර්ශ්වයම ජනතාව අතර අසමත් පාර්ශවයන් දෙකක්….

එජාපයේ දෙපාර්ශ්වයම ජනතාව අතර අසමත් පාර්ශවයන් දෙකක්….

පොහොට්ටුව පක්ෂයට පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගැනීම උදෙසා පොදු ජනතාවගේ සහයෝගය අත්‍යවශය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අද(2020.07.22) පස්වරුවේ කොළඹ, මාලබේ නගරයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  

බරපතල ලෙස විසිරී ගොස් සිටින එක්සත් ජාතික පක්ෂයට ඡන්දය භාවිතා කිරීම වෙනුවට රට ඉදිරියට ගෙන යාම උදෙසා මෙවර ඔබේ ඡන්දය පොහොට්ටුව ලකුණට ලබා දී රජයට සහය වන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.  

හම්බන්තොට එක්සත් ජාතික පාක්ෂිකයින් අද වන විට නායකත්වයක් නොමැති තත්වයට පත් වී ඇති අතර  කොළඹ එක්සත් ජාතික   පාක්ෂිකයින්ට ද එම ඉරණම අත් වන දිනය වැඩි ඈතක නොවේ.

  රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය රජයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූවද රටට වැඩක් කිරීමට ඔහු සමත් වූයේ නැත.   මේ දෙපාර්ශ්වයම ජනතාව අතර අසමත් පාර්ශවයන් දෙකක් බැවින් අද වෙන විට පොහොට්ටුව පක්ෂයේ ජයග්‍රහණය පැහැදිලි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එම ජයග්‍රහණය විජයග්‍රහනයක් කර තුනෙන් දෙකක බලයක් ලබාගෙන රට ඉදිරියට ගෙනයාම   උදෙසා  සියලු දෙනාගේ සහයෝගය ලබා ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img