Monday, September 14, 2026
HomeNEWSLatest Newsමහරගමට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්......

මහරගමට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්……

මහරගමට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්……

මහරගම නගරය ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දැනටමත් මහරගම නගරය රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන හෙයින් ප්‍රදේශයේ පහසුකම් වැඩිදියුණු කර දේශීය විදේශීය ජනතාවට අවශ්‍ය රෙදිපිළි ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල දී ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරිම හරහා ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීමට අදහස් කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද (2020.07.22) කොළඹ තලවතුගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් මෙසේ පැවසූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි වසර පහ තුළ රටපුරාම එවැනි සැළසුම් සහගත ආකාරයක වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම් කර ඇති බවයි.

ජනතාවගේ නිවාස ගැටළුව විසදා තමන්ගේම නිවසක් හිමිකර දීමට පුද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බවද මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා 69 ලක්ෂයක ජනතාවක් අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තුළ මෙවැනි ජනතා ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කර ඇති බවද පෙන්වා දුන්නේය.

එකම කාරණය ගැන උතුරේදී එක් අදහසක්ද දකුණේ දි තවත් අදහසක් ද පවසන සජිත් ප්‍රේමදාස චරිතය සම්බන්ධයෙන් කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි බවත් මෙවැනි දෙබිඩි අදහස් දක්වන්නේ රට කැඩීමේ වැඩපිළිවෙළේ ඉදිරියෙන්ම සිටින්නන් බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img