කොළඹ නගරය පැල්පත්වලින් තොර නගරයක් බවට පත්කරනවා…..
කොළඹ නගරය පැල්පත්වලින් තොර නගරයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2020.07.24) කොළඹ පදනම් ආයතනයේ පැවැති හමුවක් අමතමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සමයේ ඇරඹූ පැල්පත් නිවාස ක්‍රමාණූකූලව ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා යහපාලන රජයට අවශ්‍යතාවයක් නොවූ හෙයින් එම වැඩපිළිවෙළ අඩාල වූ බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉදිරි රජයක් යටතේ එම වැඩපිළිවෙල නැවත ආරම්භ කර පැල්පත්වාසීන්ට ජිවත් වීමට සුදුසු පහසුකම් සහිත නිවාස ලබාදිමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඉකුත් යහපාලන රජය සමයේ සංවර්ධන කටයුතු අඩපන කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් අඩාල වීම ඊට උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය.
නියමිත සැලසුම් අනුව වරාය නගරයේ ඉදිකිරිම් සිදුකෙරුණේ නම් මේ වන විට වරාය නගරfha වැඩ අවසන් කර තිබිය යුතුය. එසේ සිදුවූයේ නම් වරාය නගරය ආශ්‍රිතව වත්මන් තරුණ පරපුර සඳහා රැකියා අවස්ථා රැසක් බිහිවන්නට ඉඩ තිබිණි.
වරාය නගරයේ ඉදිකිරිම් සංඛේතවත් කළ මුල්ගල ඉවත්කිරීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රdමාත්‍යවරයා සඳහන් කළේ පළිගැනීමට මුල් තැන දී කටයුතු කළ ඉකුත් රජය වරාය නගරයේ ඉදිකිරීම් ඇරඹීම සංඛේතවත් කරන මුල්ගලෙන් පවා පළිගත් බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.






















