වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයක් වශයෙන් මැදිහත් වෙලා කටයුතු කරනවා…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයක් වශයෙන් මැදිහත් වී කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (2020.07.25) පෙරවරුවේ හපුතලේ ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විටත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වතු හිමිකරුවන් සමඟ සාකච්ඡා වට දෙකක් id¾:lj පවත්වා ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් නැවතත් වතු හිමිකරුවන් සමඟ සාකච්ඡා කොට ඊට අදාළ කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ w.%dud;H මහින්ද රාජපක්ෂ මහතා –
“මේ ප්‍රදේශයට ආවම අරුමුගම් තොණ්ඩමන් මහතා අමතක කරන්න බැහැ. ආරුමුගම් තොණ්ඩමන් මහතා මියගිය දිනයේ හවස මාව හම්බවෙන්න ආවා. වතු වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන එක ගැන සාකච්ඡා කරන්න. වතු කම්කරුවන් වෙනුවෙන් තොණ්ඩමන් මහතා කරපු සේවය අපි අගය කරනවා. ඔහු බලයේ සිටින හෝ බලය නොමැති හැම වෙලාවකම වුණත් වතුකරේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා විතරක් නෙවෙයි හොඳ අවබෝධයක් ඒ පිළිබඳව රජයට ලබා දෙන්න සමත් වුණා.අද වෙනකොට තොණ්ඩමාන් මහතාගේ සේවය සෙන්දිල් තොණ්ඩමන් මහතා භාර ගෙන තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයට පෞද්ගලික සහ රජයේ කර්මාන්ත ශාලා ඇති කරලා රැකියා අවස්ථා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ දැනටමත් විද්‍යා විෂය ධාරා තියෙන පාසල් කිහිපයක් තිබෙනවා. තවත් පාසල් දෙකක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
වතු නිවාස ගැන කතා කළොත් මෙතෙක් වතුනිවාස දුන්නේ වතුවල වැඩ කරන පිරිසට පමණයි. නමුත් ඉදිරියට වතු ප්‍රදේශවල ජීවත්වන ඡන්ද හිමි නාම ලේඛනයේ නම් සඳහන් පිරිසටත් නිවාස ලබා දෙන්න අපි කටයුතු කරනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් මගෙන් ඉල්ලුවා ගුරු නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කියලා. ඒ ගැන ඉතා කඩිනමින් කටයුතු කරනවා. ඔබේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක අපේ වගකීමක්. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි රජයක් වශයෙන් ඉටු කරනවා. තේ කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දෙනවා. සිලෝන් ටී නාමය අලුත් විදිහට ලෝකයේ ප්‍රචාරය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් වතු ජනතාවගේ ජීවන මට්ටම විශාල වශයෙන් ඉහළ නැංවීම අපේ අරමුණයි.”






















