Wednesday, September 16, 2026
HomeNEWSLatest Newsලක්ෂ 6ක් වන සියලුම විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභය ලබාදෙනවා....

ලක්ෂ 6ක් වන සියලුම විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභය ලබාදෙනවා….

ලක්ෂ 6ක් වන සියලුම විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභය ලබාදෙනවා…. 

දැනට විශ්‍රාම ගෙන ඇති ලක්ෂ 6ක් පමණ වන සියලුම විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (2020.07.25) පස්වරුවේ බණ්ඩාරවෙල නගර ශාලාවේ පැවති හමුවේදීය.

අග්‍රහාර රක්ෂණය මෙපමණ කාලයක් ලබාදුන්නේ 2016 ජනවාරි පළවෙනිදාට පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට, එනම් විශ්‍රාමිකයින්ගෙන් 10%කට පමණක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ 2016 ජනවාරි පළමු වෙනිදාට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයින් සියලු දෙනාටත් අග්‍රහාර රක්ෂණය ලබාදිය යුතු බව තමන් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවයි.

රජයේ සේවකයින් සහ විශ්‍රාමිකයින් සඳහා රජයේ රෝහල්වල විශේෂ වාට්ටු ඇති කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම විශ්‍රාම වැටුප් ලබාදීමේදි පවතින විෂමතා හඳුනාගෙන ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

බණ්ඩාරවෙල නගර සංවර්ධනය සඳහා කෝටි පනහක මුදලක් මේ වන විට වෙන් කර ඇති බවත්, එම නගර සංවර්ධනය හරහා බණ්ඩාරවෙල දුෂ්කරතාවලින් තොර නව නගරයක් බවට පත් lrk බවත්, අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදි පැවසුවේය.

බණ්ඩාරවෙල එළවළු නිෂ්පාදනය සඳහා ගොවීන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම හමුව සඳහා හිටපු කතානායක වී.ජ.මූ.ලොකුබණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහා මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟවදින අපේක්ෂකයින් වන හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ, සුදර්ශන දෙනිපිටිය, උදිත් ලොකුබණ්ඩාර, ඕෂධී හේවාමද්දුම ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞදියේ – ජෙඩා කොන්සල් කාර්යාලයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස්

බටහිර කලාපයේ මතුවන තත්ත්වය නිසා, සෞදියේ - ජෙඩා කොන්සල් කාර්යාලය එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස් නිකුත් කරයි. අදාල පණිවුඩ ගැන අවධානයෙන් සිටින ලෙසත්...

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img