Sunday, November 15, 2026
HomeNEWSLatest Newsකාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරනවා….

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරනවා….

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරනවා….

කාබනික පොහොර නිෂ්පාදනය සඳහාත් ගොවීන් යොමු කරනවා….. 

දේශීය බීජ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා……

– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළියේoS

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කර කාබනික පොහොර නිෂ්පාදනය සඳහාත් ගොවීන් යොමු කරවන වැඩපිළිවෙළක් සකසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

බීජ සහ පැළ නිෂ්පාදනය කිරීම සඳහා දේශීය බීජ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට අදහස් lr ඇති බව ද  අද (2020.07.26) නුවරඑළිය සිනෙසිටා ශාලාවේ පැවැති හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.  

විශ්ව විද්‍යාලවල කෘෂි පීඨ, රජයේ ගොවි පර්යේෂණ ආයතන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහාය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. 

නුවරඑළිය කෘෂි ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් jk එළවළු අස්වනු ගබඩා කිරීමේ පහසුකම් සහිත ගබඩා සංකීර්ණ ඉදිකරමින් අතිරික්ත එළවළු නිෂ්පාදනය කළමණාකරණය කිරීමද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක වගකිමක් ලෙස සැලකේ. 

රටේ සමස්ත එළවළු අවශ්‍යතාවෙන් සියයට තිස්පහක් නිපදවන නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන් ද ඇතුළුව සමස්ත ගොවින් සඳහා මේ වන විටත් සියයට හැටක කෘෂි පොහොර සහනාදාරයක් රජය විසින් ලබා දී ඇතැයි ද සිහිපත් l< අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ තුළින් පෙන්වා දී ඇති කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ වැඩසටහන ඉදිරියේ බලයට පත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයක් විසින් ක්‍රියාත්මක කරන බවයි. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, හිටපු අමාත්‍ය සී. බී රත්නායක මහතා සහ ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත්ව සිටින අපෙaක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img