මත් උවදුර නැති කිරීමට සහ පාතාලය මර්දනය කිරීමට ජනතා සහාය අපේක්ෂා කරන බව ජනපති කියයි.
මෙරට මත් උවදුර සහ පාතාලය නැති කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා ජනතා සහාය ඉතා වැදගත් වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දැනටමත් මත්කුඩු සහ පාතාලය මර්දනය කිරීම සඳහා වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කර තිබෙන බවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ තලවතුගොඩ බත්තරමුල්ල නුගේගොඩ මොරටුව ඇතුළු ප්රදේශ කිහිපයක පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.






















