කුමන්ත්‍රණ වලට නිසි පිළිතුරු ජනතා අධිකරණයේදී ලැබෙනු ඇත
එළඹෙන මැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් දේශපාලන තුරුම්පුව ද ක්‍රියාවට නංවා තිබේ .එය ඔහුගේ සුපුරුදු දේශපාලනයේම දිගුවකි .පසුගිය ඉතිහාසය පුරාම පක්ෂයේ නායකයින් ක්‍රියාකාරීන් සාමාජිකයින් සිය ගණනක් පක්ෂයෙන් ඉවත් කිරීමට නෙරපා හැරීමට හෝ පක්ෂය හැර යෑමට සලස්වමින් තමාගේ සහ තම මිතුරන්ගේ නායකත්වය රැක ගැනීමට කටයුතු කළ වික්‍රමසිංහ මහතා අද වන විට පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සෘජුවම දායක වී සිටී .
සමගි ජන බලවේගයෙන් තරග කරනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු සහ සහය දක්වනු ලබන පලාත් පාලන නියෝජිත පිරිසක් පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ද ආණ්ඩුව සමග වික්‍රමසිංහ හවුලේ ඩිල් දේශපාලනය යළිත් තහවුරු කිරීමකි .
සිය දේශපාලනය තුළ පක්ෂ සාමාජිකයින් පලවා හැරීමත් නෙරපා හැරීමත් තුළ පක්ෂ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය වල පල්ලට යවමින් දශක තුනකට වැඩි කාලයක් ජය ග්‍රහණයක් ලබා නොදී ආණ්ඩුවට තවදුරටත් මුක්කු ගසන වික්‍රමසිංහ කල්ලියට අගෝස්තු 5 වන දා ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇත.






















