පොලිස් මාධ්‍ය ප්‍රකාශකට රිෂාඩ්ගෙන් නඩු.
පාස්කු ප්‍රහාරයේ ත්රස්තවාදීන්ට තමන් මුදල් ලබාදුන් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ අසත්‍ය ප්‍රකාශය නිවැරදි නොකළහොත් ඔහුට එරෙහිව නඩු පවරන බව හිටපු ඇමැති සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිශාඩ් බදුර්දීන් මහතා ප්‍රකාශ කරයි. වැල්ලවත්තේ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධව sathya තොරතුරු පැහැදිලි කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ට දින 14ක කාලයක් ලබාදෙන බව කී රිෂාඩ් බදුදීන් මහතා එසේ නොවුන හොත් ඔහුට සහ අදාළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය. මේ සඳහා එන්තරවාසි ගෑවීම තම නීතිඥවරයාට පැවරූ බව කී හිටපු අමාත්‍යවරයා මෙය තම ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් බව ද සඳහන් කළේය.






















